*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ආයෝජන මණ්ඩලයේ අසාර්ථකත්වය වසා ගැනීමට රටේ සෘජු විදේශ ආයෝජන ඉහළ දමයි!

වර්තමානයේ රට මුහුණපාමින් සිටින ආර්ථික බංකොළොත්බව, ප්‍රතිපත්තිමය අවිනිශ්චිතභාවය සහ බදු සහන ඉවත් කිරීමත් සමඟ නිර්මාණය වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන (FDI) පහත වැටී ඇති බව අමාත්‍යාංශ උපදේශක කමිටු වාර්තාව අනාවරණය කරයි.

එම කමිටු වාර්තාව ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් දෙමින් සඳහන් කර තිබුණේ විදේශ ආයෝජන ව්‍යපෘති සහ එම ආයෝජනයන්හී නිවැරැදි වටිනාකම් පිළිබඳව පැහැදිලි වාර්තාවක් පැවතිය යුතු බැවින් මහ බැංකුවට සහ භාණ්ඩාගාරයට සත්‍ය FDI දත්ත ලබා දෙන ලෙසයි. එමඟින් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කටයුතු සිදු කිරීමට හැකි වේ.

තවද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය උපදේශක කාරක සභාව ආයෝජන මණ්ඩලය වෙත විශේෂයෙන්ම උපදෙස් ලබා දුන්නේ පසුගිය වසර පහ තුළ විදේශ ආයෝජන ගලා ඒම පිළිබඳ අදාළ ලියකියවිලි සමඟ විදේශ ආයෝජන තොරතුරු ලබා දෙන ලෙසටයි.

කෙසේ වෙතත් විදේශ ආයෝජන ගලා ඒම, ලැබී ඇති ව්‍යාපෘති යෝජනා සංඛ්‍යාව සහ අනුමත හෝ ලියාපදිංචි කළ ව්‍යාපෘති සංඛ්‍යාව පිළිබඳ ආයෝජන මණ්ඩල වාර්තාවල පැහැදිලි බවක් නොමැති වීම දත්තවල නිවරද්‍යභාවයට බවට හානියක් සිදුකරයි.

උපදේශන කමිටු වාර්තා පෙන්වා දෙන පරිදි ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු සඳහන් කර තිබුණේ රට තුළට ඍජු විදේශ ආයෝජන ගලා ඒම මන්දගාමී වීමට ප්‍රධාන හේතුව වන්නේ ආයෝජකයන් සඳහා වන බදු සහන ඉවත් කිරීම බවයි.

මේ අනුව සැලසුම් සහ උපාය මාර්ග නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආයෝජන සඳහා වූ දුර්වල ක්‍රියාකාරීත්වය මත ආයෝජන මණ්ඩලය නිද්‍රාශීලී ආයතනයක් බවට පත් වෙමින් වර්තමානය වන විට රාජ්‍යයට බරක් වී ඇති බව මුදල් අමාත්‍යාංශයේ විදේශ ආයෝජන වාර්තාව අනාවරණය කරයි.

මෙම අපනයන ප්‍රවර්ධන ආයතනය ආරම්භ කළ දා සිට මේ දක්වා එම ආයතනයට ආකර්ශනය කර ගැනීමට හැකි වී ඇත්තේ සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 20ක් පමණක් බවත් ඒ අනුව සාමාන්‍ය වාර්ෂික සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඩොලර් මිලියන 500 ක් පමණක් බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

තවද ආයෝජන මණ්ඩලය විසින් මෙම වසරේ මුල් මාස නවය තුළ ඩොලර් මිලියන 713 ක විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගෙන ඇති අතර එය මෙම වසරේ පූර්ණ වාර්ෂික ඉලක්කය වන ඩොලර් බිලියන 1 න් සියයට 71 ක් බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ආයෝජන මණ්ඩලය විසින් ඩොලර් බිලියන 1.9 ක වටිනාකමකට ගිවිසුම් 123 ක් අත්සන් කර ඇති අතර, පළමු මාස ​​එකොළහ තුළ නව ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 1.5 ක් සහ පුළුල් කිරීම් සඳහා ඩොලර් මිලියන 400 ක් ඇතුළත් වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශයේ ඇස්තමේන්තු අනුව 2022 දී සිදු කෙරෙන ව්‍යාපෘති සඳහා ලබා ගන්නා විදේශ ණය හැරුණු විට ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 476ක් වනු ඇත.

ආයෝජන මණ්ඩලයේ තවත් ප්‍රධාන ගිණුම්කරණ පිළිවෙතක් වන වාර්ෂිකව සෘජු ආයෝජන ව්‍යවසායන් සඳහා විදේශ ණය ඇතුළත් කිරීම හමුවේ ඍජු ආයෝජන ව්‍යවසායන් සඳහා පසුගිය වසරෙදී විදේශ ණය හැර ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 598 ක් යොදවා ඇත.

ඒ අනුව ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යය වූයේ ආයෝජන සඳහා දිරි දීමනා ලෙස බදු විරාම ලබා දෙමින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහනදායී රජයේ ඉඩම් බදු දීම බව මුදල් අමාත්‍යාංශයේ ආයෝජන තක්සේරු වාර්තාව හෙළි කරයි.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan