ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට!

Date:

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය සහ උප්පැන්න සහතිකය ප්‍රශ්න කරමින් ගොනුකර තිබූ පෙත්සමට අදාළව ඈට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඒ මෙම පෙත්සමට අද (15) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ ය.

ඒ අනුව, දින පහක කාලයක් සඳහා රාජ්‍ය අමාත්‍යවරියට පැනවූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

මෙම තීන්දුව ලබා දී තිබෙන්නේ ඈට දෙසැම්බර් 21 සිට 23 දක්වාත්, දෙසැම්බර් 28 වන දින සිට දින තුනක කාලයක් දක්වාත් විදෙස්ගත වීමට අවශ්‍යව ඇති බව පවසමින් ඒ සඳහා අවසර ලබාදෙන මෙන් ඒ මහත්මියගේ නීතීඥයන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත ය.

ඩයනා ගමගේ මහත්මියගේ අනන්‍යතාවය අභියෝගයට ලක්කරමින් පැනවූ පෙත්සම මත ඈට විදෙස් ගමන් තහනමක් පැනවූයේ ඉකුත් නොවැම්බර් 11 වන දින වන අතර, එම තහනම නොවැම්බර් 17 දක්වාත්, ඉන් මත්තට දෙසැම්බර් 15 වන දින දක්වාත් දීර්ඝ කර තිබිණි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...