මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි!

Date:

උතුරු සහ නැගෙනහිර පළාත්වල මියගිය ගවයින් සහ එළුවන් වෙනුවෙන් වන්දි ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුවහොත්, මියගිය සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් හා එළුවන් මියයාමට හේතුව අධික සීතල නිසා ඇති වූ කම්පන තත්ත්වය බව මේ වනවිට අනාවරණ වී ඇත.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ගවයින් හා එළුවන් 1800 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...

1800 ගණන්වල රජකම් කළ දෙවන ඉසබෙලා රැජිනට පසුව ස්පාඤ්ඤයේ සිහසුනට පත්වන පළමු මහාරාජිනිය…Princess Leonor

රෂිකා හෙන්නායක ජනවාරි 14 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤයේ ඔටුන්න...