Saturday, June 3, 2023
spot_img

Latest Posts

රටවල් 20කින් සංචාරකයන් 644,186 ක් දිවයිනට!

මෙම වසරේ මේ දක්වා රටවල් 20 කින් සංචාරකයන් හයලක්‍ෂ හතළිස්හතරදහස් එකසිය අසූහය දෙනකු පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඉන් වැඩිම සංඛ්‍යාව එනම්, එක්ලක්‍ෂ අටදහස් පන්සිය දහදෙනකු (108,506) ඉන්දියාවෙන් පැමිණ ඇත. බ්‍රිතාන්‍යය ජාතිකයන් හැත්තෑඅටදහස් අටසිය විසිහත්දෙනකු ද (78,827) රුසියානු ජාතිකයන් හැත්තෑහතරදහස් හත්සිය දහතුන්දෙනකු (74,713)ද පැමිණ ඇත. ඉතිරි පිරිස අනෙක් රටල් 17 න් පැමිණ ඇත.

මේ මස මුල් දින 07 තුළ පමණක් සංචාරකයන් දාසයදහස් එකසිය හැටඅට දෙනකු පැමිණ ඇතැයි වාර්තා වී ඇති බව ද එම අමාත්‍යාංශය පවසසි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.