‘කලාපීය අත්පොත’  එළිදැක්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දකුණු ආසියානු කලාපයේ  විගමනික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම් පිළිබඳ සකස් වූ පළමු “කලාපීය අත්පොත”  ඊයේ (14) දින එළිදක්වනු ලැබීය. ඒ  කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසිනි.

මෙම අත්පොත රටවල් 11ක නියෝජිතයින් එක්වූ කොළඹ ක්‍රියාවලියේ ක්‍රියාකාරී රැස්වීම  අතරතුරදී එළිදැක්වීම සිදු කෙරිණි. 

නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීම සඳහා භාවිතා කළ හැකි තිරසාර විසඳුම් පිළිබඳ සහ ක්‍රමවේද පිළිබඳවද මාර්ගෝපදේශ මෙම අත්පොතට ඇතුලත්වේ. එය සම්පාදනයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ  සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයද (IOM) සම්බන්ධ විය.

මෙම අවස්ථාවේදී  විගමනික ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමටත් එහිදී ඇතිවෙන අභියෝග සහ නව අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමේ වැදගත්කමද  අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැනුම් සංසදයක් පිහිටුවීමටද පියරගනු ලැබිණි.

විගමනික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද කොළඹ ක්‍රියාවලියට එක්වූ ජාත්‍යන්තර නියෝජිතයින්ව දැණුවත් කිරීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

එහිදී ශ්‍රී ලංකාව විගමනික ශ්‍රමිකයින් යලි සමාජ ගත කිරීමට සම්බන්ධයෙන් අත්පත් කරගෙන  ඇති අත්දැකීම් බෙදා ගැනීමටද සූදානම් බවද අමාත්‍යවරයා එහිදී ජාත්‍යන්තර නියෝජිතයින් වෙත පවසා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...