අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මහපොළ තුළින් හැකිවුණා  – ජනපති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයට ඊයේ (14) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බවයි.

දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම මෙරට දිළිඳු දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මෙම ජාඇල නගර සභා පිටියේදී ලබන 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් විවිධ වර්ගයේ ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විත වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැයට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජනයක!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:2027 වර්ෂය සදහා ඉදිරිපත් කර ඇති අයවැය...

ග්වාඩලහාරා මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියේ නිර්මාතෘ ගැලාර්ඩෝ ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: මෙක්සිකෝවේ ප්‍රසිද්ධ ග්වාඩලහාරා...

ඇමෙරිකාවෙන් යළි ප්‍රහාරයක් එල්ල වීමට පෙර ඉරානය පළමුව ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: ඇමෙරිකා එක්සත් ජනපදය...

ලාෆ්ස් ගෑස් සමාගමේ ලොක්කන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් අද (16)...