රනිල් අභිබවා අනුර ණය අරන්ද?

Date:

කොළඹ LNW:වත්මන් ආණ්ඩුවේ ණය ගැනීම සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ.

එම වාර්තාවට අනුව වත්මන් ආණ්ඩුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මෙම මාසය අවසානය දක්වා ගැනීමට හැකි සමස්ත ණය ප්‍රමාණයට වඩා අඩු ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

2024 ඇස්තමේන්තුවට අනුව දළ මූල්‍ය අවශ්‍යතාව සඳහා ආණ්ඩුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3670ක් ක් ලෙසයි දැක්වෙන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් දක්වා වික්‍රමසිංහ පාලනය විසින් රුපියල් බිලියන 1903ක් ලබාගෙන ඇති අතර ඒ අනුව වත්මන් ආණ්ඩුවට පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ මස අවසානය දක්වා කාලය සඳහා රුපියල් බිලියන 1766ක මුදලක් ණයට ගැනීමේ හැකියාව තිබේ.

එහෙත් මෙම කාලසීමාව සඳහා ණය ඇස්තමේන්තු යළි සලකා බැලීමේදී ගතයුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 1612ක් බවට අනාවරණය වී ඇත.

නමුත් ඔක්තෝම්බර් සිට නොවැම්බර් දක්වා ගෙවුණු කාලය තුළ සමස්ත දේශීය ණය ඉහළ ගොස් ඇත්තේ රුපියල් බිලියන 371කින් පමණක් වන අතර මෙම මාසයේදී තවත් රුපියල් බිලියන 659ක ණය ගැනීමේ හැකියාවක් වත්මන් ආණ්ඩුවට ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ.

තත්ත්වය මෙසේ වන විට පසුගිය දිනවලදී විපක්ෂයේ කණ්ඩායම විසින් ආණ්ඩුවට චෝදනා එල්ල කළේ ඔවුන් අධික ණය මුදලක් ලබා ගෙන ඇති බවටයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...