ආචාර්ය උපාධියේ ප්‍රශ්නය මැදට නාමල්ගේ නීති විභාගයේ ප්‍රශ්නයත් එයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥභාවය සම්බන්ධයෙන් ද යළි අවධානය යොමුව තිබේ.

නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටියේ වංචනික ආකාරයෙන් වන අතර ඔහු වායු සමීකරණය කරන ලද කාමරයක සිට නීතිඥවරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව නීති විභාගය ලියා ඇති බවට සාක්ෂි ලබා දීමට ද තැනැත්තෙක් සිටියදී ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නාමල් රාජපක්ෂ මහතා විසින් නීති උපාධිය අරන් ඇත්තේ වංචනිකව නම් වහාම එය අහෝසි කිරීමට කටයුතු කළ යුතුවන අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක බ්විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...