*
Monday, December 16, 2024
spot_img

Latest Posts

ජනපති අනුරගෙන් ඉන්දියාවට හා ආසියානු කලාපයටම සහතිකයක්!

කොළඹ LNW:ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදාගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ, ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතර තුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සිය සංචාරය දෙරට අතර සහයෝගය තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාවක් වනු ඇති බවයි.

පසුගිය් ආර්ථික හමුවේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයද පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමුකරන ලදී.

මේ අතර දෙරට අතර පවතින ධීවර ගැටළුවට ද කල්පවතින තිරසාර විසඳුමක් ලබාදීම අවශ්‍ය බවයි ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ.

ඉන්දීය ධීවරයින් සිය කර්මාන්තය සිදුකිරීමේදී නීති විරෝධී ක්‍රම භාවිතා අකරණ හෙයින් එය ධීවර කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බවත් එය වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් අනුර දිසානායක මහතා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ඉන්දියාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම ගැනද ජනාධිපතවරයා අදහස් දක්වා සිටින ලදී.

එම ක්‍රියාපටිපාටිය තුළ ඉන්දියාව අති විශාල සාර්ථකත්වයක් ලඟා කර ගෙන ඇති හෙයින් ශ්‍රී ලංකාවද එම මාර්ගයේ ගමන් කරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සහයෝගය ලබා දෙන බවට තමන්ට පොරොන්දු වූ බවද ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කරන ලදී.

ආශිකා බ්‍රාහ්ම

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan