ඩ්‍රෝන් ප්‍රහාරයකින් සුඩානයේ එල්-ෆාෂර් හි 38ක් මරුට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සුඩානයේ ආර්එස්එෆ් කැරලිකරුවන් උතුරු ඩාර්ෆූර් වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර, සුඩානයේ එල්-ෆාෂර් වෙත එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් 38 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිසයිල හතරක් පමණ එල්ල වූ බවත්, එම නගරයේ සෞදි රෝහලට එල්ල වූ තවත් ඩ්‍රෝන් ප්‍රහාරයකින් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකුට තුවාල සිදුව තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩහනෝම් එක්ස් සටහනක් මගින් පෙන්වා දෙන්නේ සුඩානය පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වලට එල්ල කරන ප්‍රහාර ඛේදනීය බවයි. සුඩානයේ ආර්එස්එෆ් කැරලිකරුවන් හා රජයේ හමුදාව පසුගිය වසරේ අප්රේපල් සිට ගැටුම් වල නිරත වන අතර, මිලියන 11 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් අවතැන් ව සිටින බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...