මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැයත් පරාජයට පත්ව තිබේ.

මෙම අයවැය සඳහා ඡන්ද විමසීම ඊයේ (15) පැවැත්වුණු අතර එහිදී අයවැයට විරුද්ධව ඡන්ද 19ක් හිමිවිය. අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 17ක් පමණි.

ගාල්ල මහ නගරසභාවේ සමස්ත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 36ක් වන අතර ජාතික ජන බලවේගය එහි බලය පිහිටුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහාය ලබාගනිමිනි. එසේ ජාජබට සහාය දෙමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්වූ ප්‍රියන්ත සහබන්දු ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...