තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව කැඳවීම පක්ෂයේ ව්‍යවස්ථාව යළිත් උල්ලංඝනය කිරීමක් බව පාක්ෂිකයින්ගේ දැනුවත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු නීතිඥ දයාසිරි ජයසේකර මහතා ලිපියක් යොමුකරමින් පවසයි.

අදාළ සභා කැඳවීම පසුගිය 14 වැනිදා මරදාන ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේදී සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ආරම්භ වන්නේ 2022 මැයි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගත් තීන්දුවට එරෙහිව යමින් එවකට ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනාගෙන 09 දෙනෙකු සිය බඩගෝස්තරවාදය වෙනුවෙන් ඇමතිකම් ගැනීමත් සමඟ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අනතුරුව ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ තීරණය අනුව කටයුතු කළද අවසානයේ ඔවුන්ගේ කේලම් අසා තමන්ව පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත් කළ බවද එම ලිපියෙන් දයාසිරි ජයසේකර මහතා සිහිපත් කර ඇත.

කෙසේවෙතත් අධිකරණ කටයුතු නිමා වීමට පෙර මධ්‍යම කාරක සභාව, සමස්ථ ලංකා කාරක සභාව හදිසියේ කැඳවා තනතුරු ප්‍රධානය කළද එය වලංගු නොමැති බව ජයසේකර මහතා දක්වයි.

අධිකරණයේ තීන්දුව අනුව ලබන 18 වැනිදා තමන්ව යළි මහ ලේකවරයා ලෙස පත්කරනු ලැබුවහොත් නිමල් සිරිපල ද සිල්වා මහතාගේ පක්ෂ සභාපති ධූරය අහෝසි වන බවයි ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ.

නඩු කටයුතු අවසන් වන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූලභාවය මැතිවරණ කොමිසම විසින් පිළිනොගන්නා අතර නව තනතරු ලබා දුන්නද ඒවායේ වලංගුභාවයක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා කියා සිටියි.

එහෙයින් තවදුරටත් පාක්ෂිකයින් නොමඟ නොයවන ලෙස ඔහු සිය ලිපියෙන් අවධාරණය කරයි.

දයාසිරි ජයසේකර මහතා එම ලිපිය නිකුත් කර ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකවරයා ලෙසය.

කෙසේවෙතත් ඔහු මේ වන විට සමඟි ජන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...