නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW:
මේ මොහොත කියවා ගැනීම අති දුෂ්කරය.ආගම යනු නිවුණු,සැනසුණු අනොන්‍ය ආදරය ගොඬ නගන දේ ඉක්මවා,ආත්මාර්ථය පිරුණු,බලලෝභී උවමනාවන්ගෙන් සැරසුණු උන්මත්තක ප්‍රවාහයක් වීමේ ප්‍රවනතාවයන්ගෙන් පොහොසත් වෙමින් පවතින්නේය.
මීට පවුල් පිටින් ඈදී සංවිධානාත්මකව මිනී මැරීම ගැන ලංකාවට ද නුහුරු නැත.ඒ පාස්කු ප්‍රහාරයේදී ය.ප්‍රසිද්ධ දේශපාලන සබඳතා සහිත පියෙකු සහ දරුවන්ගේ නම් ද ඊට ඈදිණ.දරුවන් මිය ගිය ද පියා ජීවතුන් අතරය.දැන් නිදොස් බව කියන්නේය.එහෙත් අද රහස් පොලිසියේ ඉහළ පුටුවක සිටින වාස්,එදා රංජන්ගේ හඩ පටයකින් කතා කරනු ඇසෙන ආකාරයට ඔහු ඒවා නොදැන සිටියා විය නොහැකිය.ඒවා සෙස්සට තබා මේ කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියානු බොන්ඩි වෙරළේ ප්‍රහාරය ගැනය.
පාස්කු සිඳුවීම පූර්ව වශයෙන් සිහියට නැඟුණේ එය සිඳු කර ඇත්තේ පියෙකු සහ පුතෙකු බව සනාත වි ඇති බැවිනි.පියා 50 හැවිරිදි සජීඩ් අක්‍රම් ය.පුතා 24 හැවිරිදි නවීඩ් අක්‍රම් ය.එහෙත් වැදගත්ම සිඳුවීම එය නොවේය.මේ ප්‍රහාරය හමුවේ සමස්ත මුසල්මානුවාගේ අභිප්‍රාය ආගමික වශයෙන් ඇති කර ගත් උන්මාදයෙන් කරන ඝාතනය නොවන බව පැහැදිළි වීමය.එම පැහැදිළි කිරීමට දායක වන්නේ උපතින් සිරියානුවෙකු වන අහ්මඩ් අල් අහ්මඩ් ය.
අයිඑස් නිජබිමක් බදු උපතින් සිරියානුවා මේ සිඳුවීම වළක්වන්න අතර ප්‍රහාරකයන්ගෙන් පියා පතිස්තානයේ ඉපිද ඇති අයෙකි.පුතා ඔස්ට්‍රේලියාවේ ඉපිද ඇති පකිස්තානු සම්භවය ඇති අයෙකි.සිරියානුවා මේ ගැටුමට වෙඩි කමින් සම්බන්ධ වන්නේ යුදෙව් උත්සවයකට සහභාගි වූ අයෙකු ලෙස නොවේය.
පළතුරු කඩ හිමියෙකු වන අහ්මඩ් දෙදරු පියෙකි.ඔහු අසළ කඩයක කෝෆි පානය කරමින් සිටියදී මේ වෙඩි තැබිම දැක දුව ගොස් අයෙකුගේ සිරුරට පැන,තුවක්කුව උඳුරා ගෙන මේ ඝාතනය වළක්වන්නට පියවර ගෙන තිබිණ.එහෙත් ඔහුට අනෙක් වෙඩික්කරුගේ වෙඩි පහරින් බරපතල මට්ටමේ තුවාල සිදු වී ඇත.මේ වන විට ශළ්‍යකර්මවලට භාජනය වෙමින් සුවය ලබමින් සිටින අතර ඔහුගේ මනුස්සකම අගයන්නට ඩොලර් මිලියනයක මුදලක් මිනිසුන් විසින් ඔහුගේ ගිණුමට යොමු කර තිබෙන බව දැන ගන්නට ඇත.තවත් ඒ යහපත වෙනුවෙන් මුදල් තැන්පත් වෙමින් ද ඇත.
සියළු පකිස්තානු මුසල්මානුවන් ද ත්‍රස්තවාදීන් නොවේය. මේ ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට ගොස් මියගිය ආරක්ෂක නිලධාරී ෆරාස් තාහීර් ද පකිස්තානු සරණාගතයෙකි.එසේම පකිස්තානයේ සහ සිරියාවේ නොව මිනිස් ජීවිත වෙනුවෙන් දිවි නොතකා සටන් කරන්නට තරම් මනුෂ්‍යත්වයට ආදරය ඇති මිනිසුන් ලොව කොතැනත් ඇති බව සටහන් කරමින් ප්‍රංශ ජාතික ඩේමියන් ගුවරොට් ප්‍රහාරකයාව ලුහු බැදීමට සම්බන්ධ වෙමින් කළ කාර්යය ද ඇගයිය යුතු අතර ඒ වටිනාකමට ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගුවරෝට් ට මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදංචියට අවශ්‍යය අයිතිය ලබා දි ඇත.
එසේම 2009 වසරේදී ද ආගමික මුසල්මානු ත්‍රස්තවාදය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පකිස්තානයේදි ප්‍රහාරයක් එල්ල කළේය.එහිදී ද මුසල්මානු ත්‍රස්ත ප්‍රහාරය හමුවේ සිය දෙවැනි කොට ක්‍රීඩකයින් රැගත් බස් රථය ධාවනය කෙරූ මුසල්මානු රියැදුරු මෙහාර් මොහොම්මඩ් කලීල් ය.ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ සිඳුවන්නට ගිය බිහිසුණුම ඝාතනදාමය එයින් වැළකුණ ද,ඉස්ලාම් ආගමික උන්මාදය ලෝකයම පිළිකෙව් කළ ද,ඒ දහමම වැළද පස්වරක් දිනකට වන්දනා මාන කරන මොහොම්මඩ් නම් මිනිසුන්ගේ ජීවිතවලට ආදරය කළේ ද මුසල්මානුවෙකු ලෙස සළකා ඊට අගයක් දීම සිඳු නොවිණ.
මේ මොහොතේ ලංකාවේද මුසල්මානු සහ පාස්කු විරෝධයන් අතර ගැවසෙන බොහෝ දෙනෙක් මුසල්මානු ඝාතක පිය – පුතු දෙපළ ඉලක්ක කොට ආගමික විරෝධයක්,ජාති බේදයක් ඇති කරන්නට උත්සාහ කරමින් සිටින්නේය.ඔවුන් කුමන හෝ දේශපාලන අරමුණකින් උන්මත්තක සිතුවිලි ඇත්තෝ යම් දේශපාලන ව්‍යාපාරයක බල අවශ්‍යයතාවය වෙනුවෙන් ඉත්තන් ලෙස සපයා දීමේ කොන්ත්‍රාත්කරුවන් හෝ නිශ්චිත වශයෙන්ම තවත් උන්මත්තක කොටසක් පමණි.
මෙිහදී අපූරු කතාවක් සහිවන්නේය.එය විහිළු කතාවකි.පිස්සෙක්ට වෛද්‍යවරයෙකු විසින් ඔහු නැඟ තිබෙන ගසෙන් බසින්නට අණ කරයි.නැතිනම් ගස කපා දමන බවට තර්ජනය කරයි.ඒත් ඔහු බසින්නේ නැත.තවත් පිස්සෙක් පැමිණ ගහ කපන්නට පිහිය අතට ගත් විට ගසේ සිටි පිස්සා වහාම ගහෙන් බසින්නේය.වෛද්‍යවරයා ගහෙන් බැසගත් පසු එම පිස්සාගෙන් තමා කපන බව කී විට නොබැස,අනිත් පිස්සා කපන බව කී විට බැස්සේ ඇයි කියා අසන්නේය.
කෙටි පිළිතුර වූයේ ඌ පිස්සෙක්ය යන්නය.
(ඇසූ පරිදි සරල ලෙස පිස්සා යන වචනය යෙදුවාට මම මානසික රෝගී තත්ත්වයන් ඇති අයට එසේ ඇමතීමට විරුද්ධය.උන්මත්තකයාද සුදුසු නැත.එහෙත් ආගමික වශයෙන් උමතුව ඇති කර ගන්නාට උන්මත්තකයා ද හොඳ වැඩිය)
කෙසේ නමුත් ආගමික උමතුවේදී වෛද්‍යවරයා සිටිය යුත්තේ ගස කපා දමන තත්ත්වයේය.තමන් මුදුණට නැඟුණොත් ගසත් සමඟ බිමට සමතලා කර දමන බවට විශ්වාසය ඇතිවන විදිහට සාමකාමී ජීවන රටාවක් මේ පොළව තුළ ඇති කරන ආගමික උන්මත්තකයන් බය කරන සුළු වැඩ පිළිවෙළක් මේ රටට ද අවශ්‍යය කර තිබෙන්නේය.
සමාජය සියළු සංස්කෘතින්ට අදාළ මිනිසුන් උසස් කරන ජීවන අභිලාෂයන් වෙනුවෙන් සැකසෙන සමාජ ව්‍යහුයකින් පොහොසත් විය යුතුය.බහු ආගමික සහ බහු ජාතික අනන්‍යතාවයන් ගරු කරන ඒ සියලු අනන්‍යතාවයන් භාවිතය සහ ප්‍රතික්ෂේප කිරිම් ද,අනෙකාගේ නහයේ නොවදින හැරමිටියක් සේ තිබිය යුතු ආකාරයේ සමාජයක් නිර්මාණය විය යුතුය.අහම්ඩ්ලා සහ මොහොම්මඩ්ලා අපට දෙන ආදර්ශය ඒ ආකාරයෙන් භාර ගෙන ආදරණීය මිනිසුන් සිටින සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍යය පරිසරය වෙනුවෙන් ලෝකයම ආගම දෙවැනි කොට මිනිසුන් මිනිසුන් ලෙස පිළිගන්නා සංස්කෘතියක් ස්ථාපිත කළ යුතුය.එහි කිසිවෙකුට අඩුවක් පාඩුවක් සිය සංස්කෘතික අනන්‍යතාවය අනුව හිමි නොවිය යුතුය.සියල්ලටම වඩා වටිනාකමක් කෙනෙකු අනෙකා කෙරෙහි දක්වන මානව දයාව වෙනුවෙන් පිරිනැමෙන සහ ඇගයීමක් දිරිදීමක් හිමිවන සමාජයක් නිර්මාණය විය යුතුය.
