කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ නොකෙරේ…..

Date:

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙර නඩු දිනයේදී අධිකරණයට දැනුම් දුන් පරිදි පැමිණිල්ල සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට ප්‍රති විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමක් නොකළ අතර ඒ සඳහා තවදුරටත් දින ලබාදෙන ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (15 දා) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නඩුව ලබන ජනවාරි 17 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගතවීම වළක්වමින් සිය අධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් දීර්ඝ කිරීමක් ද සිදු නොකළේය. රට මෙවන් ආර්ථික අගාධයකට ඇදදැමීමට හේතු පාදක වූයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු එවකට සිටි බලධාරීන් ගත් තීන්දු තීරණ වන බවත් එබැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පෞද්ගලිකව එම පැමිණිල්ල අධිකරණයට ගොනුකර තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...