නිහාල්ගේ දේහය ලුනාවෙන් සොයිසාපුරට පන්නයි.

Date:

ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මොරටුව සංඛේතාත්මක කරන ගෞරවණීය කලාකරුවෙක් මෙන්ම ගෞරවණීය පුරවැසියෙකි.රටේම ආදරය දිනාගත් මේ අද්විතීය කලාකරුවා ජීවිතෙන් නික්ම යාමෙන් පසු ඔහුගේ අවසාන කටයුතු සඳහා ලුනාව කළපු ක්‍රීඩාංගණය සූදානම් කිරීමට කටයුතු කළ ද,මොරටුවේ පළමු පුරවැසියා ඊට හරස් වී තිබෙන බව LNW වෙත වාර්තා වේ.

යම් විවෘත කිරීමේ උත්සවයකට එම ස්ථානය යොදා ගැනීමට තීරණය කර තිබෙන බැවින් ලුනාව කළපුව ක්‍රීඩාංගණය ලබා නොදීමට ඔහු මැදිහත්ව ඇත.රටේ සංගීත කේෂ්ත්‍රයේ එක්තරා කල්ට් එකක සංඛේතයක් වන නිහාල් නෙල්සන් මොරටු වැසියෙක් ලෙස අත් කර දුන් කීර්තියට ප්‍රදේශය පුරා සියලු උත්සව නවත්වා, ශෝක දිනයක් පැවත්වීමට මැදිහත් විය යුතු පුද්ගලයා අවමංගල උත්සවයටත් හරස් වීම කෙරෙහි ප්‍රදේශවාසීහු සිය කණස්සල්ල ප්‍රකාශ කරති.

කෙසේ හෝ මේ තත්ත්වය නිසා ලුනාව කළපු ක්‍රීඩාංගණයෙන් නිහාල් නෙල්සන්ගේ දේහයේ අවසාන කටයුතු සොයිසාපුර ක්‍රීඩාංගණයට ගෙන,එහි පැවත්වීමට කටයුතු යොදා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...