ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතාට පෙත්සමක්!

Date:

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා සම්බන්ධයෙන් ජනවාරී මස 27 වනදා දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ශ්‍රී ලංකා රග්බි ආයතනය අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන්ව ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයට යොමු කර ඇති ලිපියක් බල රහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉලියාස් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී රග්බි ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී  පෙත්සම්කාර සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව තර්ක කළා.

ඒ සම්බන්ධයෙන් බලය පැවරී තිබෙන්නේ රග්බි ආයතනයට පමණක් බවද ඔහු පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව රග්බි ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 8 වනදා  ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත් කරන ලෙස දන්වා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රග්බි ආයතනය වෙත ලිපියක් යොමුකර ඇති බවයි.

එවැනි ලිපියක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු එය ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බවයි පෙත්සමේ සදහන් කර තිබෙන්නේ.

 ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ලිපිය  නීතියට පටහැනි යැයි තීන්දු කර එම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ලිපිය අත් හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා යන පාර්ශව සිය කටයුතු වලට මැදිහත් වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කර ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. මෙම පෙත්සම 2023 ජනවාරි 27 සහ 30 යන දිනවල තහවුරු කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය