මැතිසබයට දිලිත්ගෙන් නව යෝජනාවක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

අද (17) මැතිසබයේදී සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාමයන් ඉදිරියෙන් සඳහන් වන ‘ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය’ යන විශේෂ පදවි සභාව ආමන්ත්‍රණයේදී ඉවත් කළ යුතු බවටයි.

ඒ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ, 10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස තේරී පත්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සුබ පැතුම් එක්කිරීමෙන් අනතුරුවයි.

වැඩිදුරටත් අදහස් පළකල දිලිත් ජයවීර මහතා,

“මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් තියෙන ආචාර්ය” මහාචාර්ය, වෛද්‍ය යන්න සභාවේ ආමන්ත්‍රණයේදී අයින් කරන්න යෝජනා කරනවා.. මේවා වෘත්තීන්, සභාවේ ආමන්ත්‍රණයේදී මේවා අයින් කළොත් නිර්දන පංතියේ දේශපාලනයටත් හොදයි.. මොකද මේක සමාජය වෙන්කිරීමක්.. මේ පාර්ලිමේන්තුවේ විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා.. මහාචාර්යවරයා අදාල වන්නේ විශ්ව විද්‍යාලයට. වෛද්‍යවරයා අදාල වන්නේ ඉස්පිරිතාලයට.. ඒ නිසා මහ යෝජනාවක් හැටියට කරනවා, සභාව තුළ එකිනෙකා ආමන්ත්‍රණය කරන විට ඉස්සරහින් තියෙන කෑලි ටික අයින් කළොත් හොදයි කියලා ” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...