කොවිඩ් මරණ ගැන යළි කතා බහක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

අද (17) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරමින් රවුෆ් හකීම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්, කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 13,183ක් ආදාහනය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

තවද, ආදහනය කරනු ලැබූ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බවත්, එය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත සහ වෛද්‍ය ආචාර්ය ධර්මවලට අනුව අදාල තොරතුරු ලබාදීමේ හැකියාවක් නොමැති බව, නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.

තවද, මිය ගිය එක් එක් පුද්ගලයාගේ මරණ සහතිකයේ අංකය, මරණය ලියාපදිංචි කරන ලද දිනය හා දිස්ත්‍රික්කය වෙන් වශයෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි අතර, ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, එය තම විෂය පථයට අදාළ නොවන බවයි.අදාළ තොරතුරු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු බව ද නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...