මැතිසබයට දිලිත්ගෙන් නව යෝජනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

අද (17) මැතිසබයේදී සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ ඇතැම් මැති ඇමතිවරුන්ගේ නාමයන් ඉදිරියෙන් සඳහන් වන ‘ආචාර්ය, මහාචාර්ය, වෛද්‍ය’ යන විශේෂ පදවි සභාව ආමන්ත්‍රණයේදී ඉවත් කළ යුතු බවටයි.

ඒ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ, 10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස තේරී පත්වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සුබ පැතුම් එක්කිරීමෙන් අනතුරුවයි.

වැඩිදුරටත් අදහස් පළකල දිලිත් ජයවීර මහතා,

“මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් තියෙන ආචාර්ය” මහාචාර්ය, වෛද්‍ය යන්න සභාවේ ආමන්ත්‍රණයේදී අයින් කරන්න යෝජනා කරනවා.. මේවා වෘත්තීන්, සභාවේ ආමන්ත්‍රණයේදී මේවා අයින් කළොත් නිර්දන පංතියේ දේශපාලනයටත් හොදයි.. මොකද මේක සමාජය වෙන්කිරීමක්.. මේ පාර්ලිමේන්තුවේ විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා.. මහාචාර්යවරයා අදාල වන්නේ විශ්ව විද්‍යාලයට. වෛද්‍යවරයා අදාල වන්නේ ඉස්පිරිතාලයට.. ඒ නිසා මහ යෝජනාවක් හැටියට කරනවා, සභාව තුළ එකිනෙකා ආමන්ත්‍රණය කරන විට ඉස්සරහින් තියෙන කෑලි ටික අයින් කළොත් හොදයි කියලා ” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...