කොවිඩ් මරණ ගැන යළි කතා බහක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

අද (17) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරමින් රවුෆ් හකීම් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්, කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 13,183ක් ආදාහනය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

තවද, ආදහනය කරනු ලැබූ පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බවත්, එය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත සහ වෛද්‍ය ආචාර්ය ධර්මවලට අනුව අදාල තොරතුරු ලබාදීමේ හැකියාවක් නොමැති බව, නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේය.

තවද, මිය ගිය එක් එක් පුද්ගලයාගේ මරණ සහතිකයේ අංකය, මරණය ලියාපදිංචි කරන ලද දිනය හා දිස්ත්‍රික්කය වෙන් වශයෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි අතර, ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, එය තම විෂය පථයට අදාළ නොවන බවයි.අදාළ තොරතුරු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු බව ද නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...