ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

පසුගිය 2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 2,987,544 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,151,941 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වර්ෂයේ තෙවන කාර්තුව (ජුලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කොට තිතිබුණු අතර, 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 3.0, සියයට 10.8 ක් සහ සියයට 2.6 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...