සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 17 ,(LNW)කොළඹ :
මේ මොහොත අතිශයින් ඉන්දීය – ශ්‍රී ලංකා සම්බන්ධතා ගැන කතා කරන්නට වැදගත් මොහොතකි. ඉන්දු-ලංකා ජීවිතාරක්ෂක ශූරතාවලිය 2024 දෙසැම්බර් 8 සිට 14 දක්වා ඔඩිෂා හි පූරි වෙරළ තීරයේදී පළමුවරට සංවිධානය වීම ද,ලංකාවේ ජීවිතාරක්ෂක ක්‍රීඩාවේ අනාගතය පැහැබර කරනු පිණිස ඉන්දීය මිත්‍රත්වය ශ්‍රී ලංකාව දෙසට යොමු වීමකි.ඒ නිසා මෙය දෙරටේ දේශපාලන සබඳතාවල කොටසක් ලෙස සිතා ක්රීඩාත්ම දැක්මකින් පෙරට තල්ලු කරගෙන යාමට,ඉන්දියාවෙන් භෞතික සහය සහ ශක්තිය ලබා ගැනීම කෙරෙහි විවර වුණු පාරකි.
කෙනෙක් අනුර කුමාර ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරය අළලා කරන කතා බොහෝය.අපට මතක කාලයේ ඔහු නියෝජනය කරන ජවිපෙ දේශපාලනය දැරුවේ ඉන්දියාවට එරෙහි වූ දැඩි මතයක්ය.චීන සරුව පිත්තල භාණ්ඩ වර්ෂාවක් ලංකාව මත පතිත වීමටද,අනියම් ආකාරයෙන් ඔවුන් විසින් තර්ජණාත්මකව දියත් කළ ඉන්දීය බඩු වර්ජනය බලපෑවේය.
එහෙත් ජවිපෙ සීනුව වෙනුවට ජාතික ජන බලවේගය මාලිමාව වන තැන දී වෙනස් වූ කෝණය කෙතරම් ද යන්න,ජවිපෙ දේශපාලන සම්භවයක් ඇති අනුර කුමාර දිසානායක ජනපති වීමෙන් පසුව කරන ලද ඉන්දීය සංචාරය සාධක කොට ගත හැකිය.බලය සහිත දේශපාලන ව්‍යාපාරයක් නොවන ආණ්ඩුවකට රටක් හැසිරවීමේදී පැවරෙන වගකීම දේශපාලන පක්ෂ න්‍යාය පත්රයකට වඩා වෙනස් පළල් වගකීම් සහිත විසුරුණු එකක් බව සිතා අනුර කරන මේ හැසිරීම වැදගත්ය.
අනුරමය වික්‍රමය ක්‍රීඩාව දෙසට…
ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා සෑම අතින්ම විශාල රටකි.ඇත්තම තත්ත්වයේදී මුල සිටම ශ්‍රී ලාංකේයත්වය ලෙස අප පිළිගන්නා ජාතික වස්තරවල සිටම අපට ඉන්දීය බලපෑම ඇති කරන බව ඇත්තක්ය.ඒ නිසා මෙම සබඳතාවල වඩාත් වැදගත් සහ පලදායි කොටස හිමිවන්නේ ශ්‍රී ලංකාවටය.ඒ නිසා ආදම්ගේ පාළම වැනි නම්වලින් හැඳන්වෙන,ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කළ පාළමක් ගැන මෙන්ම සේත් සමුද්‍රම් ව්‍යාපෘතිය යටතේ මුහුදු මාර්ගයක් මෙන්ම වාහනවලින් දෙරට යා කළ හැකි සබඳතා පාළමක් ද අතිශයින් වැදගත්ය.ලංකාවේ දූපත්මය ආත්ම ඊට වඩා වෙනස් සංස්කෘතික සහ ආර්ථික දැක්මකින් පෝෂණය කළ හැකි පහසුම සහ ලාභදායීම මාර්ගය එය කර ගැනීමේ බුද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය වගකීමෙන් සහ හඳුනාගත් සීමාවන් ඇතුළේ දෙරට අතර එකඟතාවයක් සහිතව මෙහෙයවිය යුතුය.
එය ක්‍රීඩාවට ද,අතිශයින් වැදගත් හුවමාරු වැඩ සටහනක් වන බැවින්,අලුත් ආකාරයේ ආර්ථිකමය සහ සමාජමය වශයෙන් වැදගත් සංස්කෘතික සහ දේශපාලනික සබඳතාවලට පදනම් වන ගිවිසුම් අනුරගේ සංචාරයේ වැදගත් තැනක් වන අතර,ජීවිතාරක්ෂක ක්‍රීඩාව දෙරට යා කරමින් පැවත් වූ පළමු ක්‍රීඩා උළෙලේදී දැක් වූ දස්කම් අනුව මේ ගිවිසුම් යටතේම උප මාතෘකාවක් හැටියට ජීවිතාරක්ෂක ක්‍රීඩාව පෝෂණයට ද ඉන්දීය සුහදත්වය දිනා ගැනීමේ හැකියාව ගැන කල්පනා කර බැලිය හැකිය.
එය ජීවිතාරක්ෂාව නොවන ක්‍රීඩා කටයුතු සඳහා ඉන්දියාවට යන ඉන්දියාවෙන් එන පිරිසට පහසු මිල ගණන් යටතේ ගමනාගමනයට ඉඩ සැළසීම හරහා බොහෝ ඉන්දියාව සම්බන්ධයෙන් වන ක්‍රීඩා සංචාරවලින් ශ්‍රී ලංකාවට ලාභදායී පහසුවක් උපයා ගන්නට හැකිය.අයිපීඑල් මෙන්ම එල්පීඑල් තරග සඳහා යන පිරිස් වෙත ද එම පහසුව දෙරටටම හිමිවන සේ සැකසිය හැකිය.එසේම යාපනයෙන් අලුත් ක්‍රිකට් තරු පූදින වැඩ සටහන පිටුපස ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් හී වැඩ සැළසුම්වල තවත් පලදායී පියවරක් ලෙස යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් තනිව සංවිධානය කරන්නට අවශ්‍යය කරන තවත් දිවා රාත්‍රි ක්‍රීඩා පිටියක අවශයතාවයද ඉටු කර දෙන මෙන් රජයට යෝජනා කරන්නටද හැකිය.ක්‍රීඩාවට ආර්ථිකමය වටිනාකමක් දෙන්නට මේ පියවර සිල්ලර ජාතිවාදී පුස් බෝම්බවලට බය නොවී ගැනීම මේ මොහොතේ රජයට කළ හැකි හොඳම පියවර අතරට වැටෙන්නේය.
ජීවිතාරක්ෂක තරගාවලියේ ජයග්‍රහණ
ජීවිතාරක්ෂක තරගාවලියක් ගැන ප්රස්තාවනාවක් විදිහට ඉන්දීය – ශ්‍රී ලංකා දේශපාලනික ස්ථාවරයන්වල හැඩතල ගැන අදහසක් ලියන්නට සිඳු වුණේ එහි රටට සහ රට තුළ එම ක්‍රීඩාවට ඒ හරහා සතටු විය හැකි ජයග්‍රාහී මෙන්ම ඓතිහාසික වටිනාකම්ද ඇති බැවිනි.වසර 10 ට පසු ජිවිතාරක්ෂක ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් හිමි වුණේ මේ තරගාවලියේදී ය.මේ පදක්කම් ජයග්‍රහණ ලැබෙන්නේ අවසාන වරට 2014 ප්‍රංශයේ පැවැති ලෝක ජීවිතාරක්ෂක ශූරතාවලියේදී 90 × 4 වෙරලේ සහාය දිවීම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව ලබා ගැනීමෙන් පසුවය.
මේ තරගාවලියේදී අත්කර ගත් ජයග්‍රහණ පහත සඳහන් ආකාරයට දැක්විය හැකිය.
1) වෙරළ කොඩි: ශ්‍රී ලංකා පොලිසියෙන් මනෝජ් කුමාර (කණ්ඩායම් නායකයා), මාස්ටර් අංශයේ 3 වැනි ස්ථානය.
2) වෙරළ කොඩි: ගාල්ල සර්ව සාන්තුවරයන්ගේ විද්‍යාලයේ විහංග සිල්වා වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ පළමු ස්ථානය ලබා ගනී.
3) දිවීම-පිහිනීම-දිවීම: කොළඹ ආනන්ද විද්‍යාලයේ සඳුපමා දෙව්ජිත් වයස අවුරුදු 19න් පහළ පළමු ස්ථානය
4) දිවීම-පිහිනීම-දිවීම: කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ සපුමල් පෙරේරා වයස අවුරුදු 19න් පහළ දෙවැනි ස්ථානය ලබාගනී.
5) මීටර් 90 වෙරළ කෙටිදුර දිවීම: දිනුවර සිල්වා (උප නායක), කොළඹ නාලන්දා විද්‍යාලයෙන් – පළමු ස්ථානය.
6) මීටර් 90 වෙරළ කෙටිදුර දිවීම: ලිසාත් වීරසිංහ ඇඹිලිපිටිය ථෙරපුත්තාභය විද්‍යාලයේ – දෙවන ස්ථානය
7) මීටර් 90 වෙරළ කෙටිදුර දිවීම: කාලිංග ඔඩිෂා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් – 3 වන ස්ථානය
8) කි.මී 2 මුහුදු පිහිනීම: කොළඹ ආනන්ද විද්‍යාලයේ සඳුපමා දෙව්ජිත් – දෙවන ස්ථානය
9) 3 x 1 km වෙරළ දිවීම (රන් පදක්කම):
- කාලිංග ඔඩිෂා – මහින්ද විද්‍යාලය, ගාල්ල
- පන්සිළු ජයමාන්න – නාලන්දා විද්‍යාලය, කොළඹ
මෙහි ජයග්‍රහණ සාරංශයක් ලෙස ගත් විට රන් පදක්කම් හතරකි.රිදී පදක්කම් තුනකි.ලෝකඩ පදක්කම් තුනකි.එය හොඳ ජයග්රාහි අස්වැන්නක් මෙන්ම වසර 10 ට පෙර එම කේෂ්ත්‍රය හරහා ලංකාවට ජාත්‍යන්තර වටිනාකමක් ලැබීමද අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.එසේම 2025 ජූනි මස එක්සත් රාජධානියේ වේල්ස් හීදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරතාවයත්.2028 මොරොක්කෝ රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ජීවිතාරක්ෂක ශූරතාවයත්,2032 වසරේ ප්‍රථම වතාවට ඔලිම්පික් උළෙලට ජීවිතාරක්ෂක ක්‍ර්‍රිඩා ඉසව්ව ඇතුළත්වීමත් අවධානයට ලක් කරද්දී මෙම ජයග්‍රාහී දක්ෂතා ඉදිරිය සැළසුම් සහගතව බලන්නට සහ මෙහෙයවන්නට දැක්මක් සහ සවියක් වූ මඟ පෙන්වීමක් රාජ්‍ය මට්ටමෙන් ලැබීම වැදගත්ය.
මේ විශාල වටිනා ජයග්‍රහණ ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවෙන් තරගාවලියට සහභාගි වූ නිලධාරි කණ්ඩායම සහ ක්‍රීඩක ක්‍රීඩිකා කණ්ඩායම ද හඳුන්වාදීම වැදගත්ය.මෙහි ඇති ඡායාරූපවලින් ප්‍රධාන ඡායාරූපය ලෙස ඇති ඡායාරූපයේ වමේ සිටි කියවා ගැනීමට හැකි පරිදි නම් පෙළ පහත දක්වා ඇත.
1) ගයාන් ප්‍රියදර්ශන (සහාය පුහුණුකරු)
2) මනෝජ් කුමාර – කණ්ඩායම් නායකයා (ශ්‍රී ලංකා පොලිසිය)
3) තෂින් විහග ද සිල්වා
4) සඳුපමා දෙව්ජිත්
5) සපුමල් පෙරේරා
6) දිනුවර සිල්වා (උප නායක)
7) රොෂාන් විජේසිංහ (ප්‍රධාන පුහුණුකරු)
8) අසංක නානායක්කාර (කණ්ඩායම් කළමනාකරු)
9)ලිසත් ඉඳුසර
10) ඔඩිෂා ද සිල්වා
11) පන්සිළු ජයමාන්න
12) සුමිත් සොමිකැලුම් (සහාය පුහුණුකරු)