බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

Date:

‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර තිබේ.

අදාළ එන්නත නිෂ්පාදනය කිරීමේදී සිදු වූ යම් දෝශයක් හේතුවෙන් රෝගීන්ට සංකූලතා ඇතිවූ බවට පවතින සැකය මත මෙම තීරණය ගත් බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ.

‘ඔන්ඩැන්සෙට්‍රෝන් යනු වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබාදෙන එන්නතක් වන අතර එය මෙරට රෝහල් තුළ බහුලව භාවිතා කෙරේ.

එන්නතේ කාණ්ඩ හතරක් මෙරට සියලු රෝහල්වලින් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසට ජාතික ඖෂධ නියාමන අධිකාරිය එම ඖෂධය මෙරටට ගෙන්වන පෞද්ගලික සමාගමට පසුගිය 12 වනදා නියම කර තිබිණි.

ඒ, එම එන්නත භාවිතා කළ රෝගීන්ගෙන් සංකූලතා වාර්තාවීම සහ මහනුවර ජාතික රෝහලේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශය මෙම එන්නත සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින්, එම සාම්පලයක විෂබීජයක් අන්තර්ගත බවට සැකයක් ඇතැයි වාර්තා කිරීමත් හේතුවෙනි.

මෙම එන්නත ලබාදුන් පසු මහනුවර ජාතික රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට උණ වැළඳීම හේතුවෙන් මෙම එන්නත විශේෂ පරික්ෂාවකට ලක් කර තිබුණි.

එමෙන්ම තවත් රෝහල් කිහිපයකින්ම මේ සම්බන්ධයෙන් මූලික වාර්තා ලැබුණු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

මේ අතර කොළඹ අයි.ඩී.එච්. රෝහලේ රෝගීන් දෙදෙනෙක් එම එන්නත ලබාගැනීමෙන් පසු මියගොස් ඇති බවට ජාතික පුවත්පත් පෙරේදා වාර්තා කර තිබුණි.

මෙසේ භාවිතය අත්හිටුවා ඇති ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත පිළිබඳ විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා තිබුණේ අදාළ එන්නත් 270,000ක් පමණ මෙරට ආනයනය කර තිබුණු බවත් එම එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට පෙර 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බවත් ය.

එම එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...