ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

පසුගියදා අධිකරණ සංකීර්ණය තුළදී ඝාතනය වූ ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු ඇප මත මුදා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි උදාර නිර්මාල් නමැති සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා නියෝග කළ බව සඳහන් වේ.

සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

මෙම සැකකරු ඝාතන සිද්ධියට අදාලව සිම් කාඩ් පත් ලබා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණු අතර , අදාළ සැකකරු ඇප අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුමුදාහැරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...