ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

පසුගියදා අධිකරණ සංකීර්ණය තුළදී ඝාතනය වූ ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු ඇප මත මුදා කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි උදාර නිර්මාල් නමැති සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා නියෝග කළ බව සඳහන් වේ.

සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

මෙම සැකකරු ඝාතන සිද්ධියට අදාලව සිම් කාඩ් පත් ලබා දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබුණු අතර , අදාළ සැකකරු ඇප අත්සන් කිරීමෙන් අනතුරුව ඔහුමුදාහැරීමටද අධිකරණය විසින් නියම කරනු ලැබ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...