ජංගම දුරථනයට මුවා වී ආ මාරයා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (16) රාත්‍රී කාලයේ දී ග්‍රෑන්ඩ්පාස්, නව කැලණි පාලම අසල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතන කර ඇති බව වාර්තා වේ.

එම ඝාතනයෙන් මියගොස් ඇත්තේ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදු කළ සැකකරු විසින් මරණකරුගෙන් ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා සිටිමේ දී ඇති වූ බහින්බස් වීමක් මත තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 වැනි වියේ පසු වන කොළඹ 14 හා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙන් බව සඳහන් වේ.

මේ පිළිබඳ ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...