ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන්ගේ හිඟයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ තවදුරටත් පවතින බව, පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියා සිටී. ඒ අතරින් ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන විෂයන්ට අදාළ ගුරු හිඟය උග්‍ර බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේය.

තවද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරු හිඟයක් පවතින බව ද ඇය සඳහන් කළා ය. මීට පිළියමක් ලෙස යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවේ අවධානය යොමු කර ඇති බව ද ලේකම්වරිය පැවසුවාය. ඒ අනුව පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලින් පිට වූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත අතර, දැනට පාසල්වල සිටින සංවර්ධන නිලධාරීන් පිරිසක් ද සුදුසුකම් මත ගුරු සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රධාන ලේකම්වරිය පැවසුවාය. පසුගිය කාලයේ පැවැත් වූ තරග විභාගයෙන් සමත්වූ උපාධිධාරීන් 3900කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාත් ගුරු සේවයට බඳවා ගැනීම සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...