කුසල් මෙණ්ඩිස්ගෙන් ප්‍රවේගකාරී ඉණිමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 18 ,(LNW)කොළඹ :

එල්පීඑල් පන්දුවාර 10 තරගාවලියේ වර්ෂාව පරාජය කරමින් සියලු තරගවල තීරණ ලබා ගැනීමට හැකි වූ ඊයේ දවසේ කැපී පෙණෙනම ඉණිම කුසල් මෙණ්ඩිස්ගෙන් වාර්තා විය.ඊයේ දවසම ලකුණු අඩු තරග අතරේ පිතිකරුවෙක් ලෙස කුසල්ගේ සාර්ථකවීම ද විශේෂිතය.


ඔහු නියෝජනය කරන ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමට කඩුුලු 9 ක ජයක් අත් කර දෙන්නට සමත් වූ කුසල්ගේ ඉණිම නිසා කළම්ඹු ජගුවර්ස් කණ්ඩායමට යවන්නට සිඳු වූයේ පන්දුවාර 5.4 ක් පමණි.


කළම්ඹු ජගුවර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ජෆ්නා කණ්ඩායම ඉදිරියේ පන්දුවාර 10 සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් ලබා ගන්නට සමත් විය.දුනිත් වෙල්ලාගේ ජගුවර්ස් කණ්ඩායමේ විනාශයට මඟ පෑදූ ක්‍රීඩකයා වෙමින් ලකුණු 5 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර ජගුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ රමේෂ් මෙණ්ඩිස් විය.ඒ ලකුණු 28 කි.


පිළිතුරු ඉණිමට අඩු ලකුණු ප්‍රමාණයක් හඹා යාමේ අභියෝගය භාර ගත් ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 2 ක් ව තිබියදී අහිමි විය.එහෙත් එම අභියෝගයේ බර සිය දෙ‘උර මතට ගත් කුසල් මෙණ්ඩිස් ගොඩ නෑඟූ ඉණිම හයේ පහර 5 කින් සහ හතරේ පහර 11 කින් පෝෂණය වූ නොදැවී පන්දු 23 දී ගලා ආ ලකුණු 79 කින් අලංකාර විය.චරිත් අසලංක පන්දු 8 ට මුහුණ දී ලකුණු 16 ක් නොදැවී ලබා ගෙන සිටියේය.6 වන ඕවරයේ 4 වන පන්දුවේදී කුසල් මෙණ්ඩිස්,කමිඳු මෙණ්ඩිස්ට එරෙහිව එල්ල කළ හයේ පහරත් සමඟ ජැෆ්නා ලකුණු පූවරුව කඩුල්ලක් දැවී ලකුණු 100 ක් විය.

කැණ්ඩි සහ නුවරඑළිය
කසුන් රාජිත ලකුණු 16 ට කඩුලු 4 ක් දවා ගනිමින් දැක් වූ දස්කම් හේතුවෙන් නුවරඑළිය කින්ග්ස් කණ්ඩායමට කැණ්ඩි බෝල්ට්ස් ඉණිම කඩුලු 9 ට ලකුණු 111 ට සිමා කරන්නට හැකි වුණා.කැණ්ඩි කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක ලකුණු 41 සහ ශෙහාන් ජයසූරිය ලකුණු 33 ක් ලබා ගත්ත ද,සෙසු පිතිකරුවන්ට සාර්ථක වන්නට නොහැකි වුණා.


පිළිතුරු ඉණිමේදී කැණ්ඩි කණ්ඩායම සිය ලකුණු 111 රැක ගැනීම සඳහා දැරූ උත්සාහය සාර්ථක වුණා.අවිශ්ක ප්‍රනාන්දු පන්දු 26 න් ලකුණු 50 ක් කයිල් මේයරස් පන්දු 15 න් ලකුණු 36 ක් ලබා හොඳ ආරම්භයක් ලබා දුන්නද,සෙසු පිතිකරුවන් බැඳ තබා ගන්නට කැණ්ඩි කණ්ඩායම සමත් වුණා.දැවී ගියේ කඩුලු 5 ක් වුව ද,පන්දු ඒවර් 10 නිමාවෙද්දී නුවරඑළිය ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 106 ක් ව පැවතියා.

ගෝල් මාවර්ලස් සහ හම්බන්තොට
මෙම තරගයේ ද ලකුණු පූවරු අඩු ලකුණුවලට සීමා වුණා.හම්බන්තොටට එරෙහිව පළමුව පන්දුවට පහර දුන් ගෝල් කණ්ඩායම ලකුණු 82 ට සීමා කරන්නට හම්බන්තොට සමත් වුණා.කඩුලු 6 ක් අහිමි කරමින් ගෝල් කණ්ඩායම ලැබූ එම ලකුණු 82 ඉක්මවා යන්නට පන්දු ඕවර් 9.2 ක් වැය කර කඩුලු 5 ක් අහිමි කර ගන්නට හම්බන්තොට කණ්ඩායමට සිඳු වුණා.


තරගයේ වැඩිම ලකුණුලාභියා වෙමින් ගෝල් කණ්ඩායම වෙනුවෙන් පන්දු 19 දී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟ ලකුණු 43 ක් රැස් කරන්නට ශකීබ් අල් හකීම් සමත් වුණා.හම්බන්තොට කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සහිත ඉණිම වාර්තා කළ මොසෙද්දික් හොසේන් නොදැවී ලකුණු 20 ක් රැස් කරන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...