Vanuatu හි භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

ඊයේ දිනයේදී Vanuatu හි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයත් සමග ප්‍රබල පසු කම්පන කිහිපයක් ද ඇතිව තිබෙන බව පැවසේ. ඒ හේතුවෙන් දෙසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බව වාර්තා වේ.

එමෙන්ම මෙම භූමිකම්පාවෙන් ඇමරිකාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ නවසීලන්තයේ තානාපති කාර්යාල ඇතුළු ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇත,

මේ වනවිට පෝට් විලා අගනුවර විදුලිබල හා දුරකථන සේවා ද ඇනහිට තිබෙන අතර, භූමිකම්පාවේ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 116,000ක් පීඩාවට පත් ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.

This image made from a video shows a landslide near an international shipping terminal in Port Vila, Vanuatu following a powerful earthquake Tuesday, Dec. 17, 2024. (Dan McGarry via AP)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...