ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW:

වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඊ කොටසේ අනුග්‍රාහකයා ලෙස 23 වන වරටත් කටයුතු කිරිමට සීමාසහිත ඩේවිඩ් පීරිස් සමාගම ඉදිරිපත් වී සිටිනවා.මෙම තරගාවලිය ආරම්භයේදී පන්දු ඕවර් 35 තරගාවලියක් ලෙස පැවත් වූ අතර පසුව එය 25 දක්වා අඩු වී තිබෙනවා.ඇති වී තිබෙන තත්ත්වයන්ට සාපේක්ෂව මෙවර පන්දු ඕවර් 20 තරගාවලියක් ලෙස කරළියට ඒම නිසා ඊ කොටසේ තරගාවලිය වෙනදාට වඩා ආකර්ශණීය තත්ත්වයක් නිර්මාණය කරනු ඇතැයි විශ්වාස කළ හැකියි.


දීර්ඝ ඉතිහාසයක් ඇති වෙළද සේවා ක්‍රිකට් සහ ඩේවිඩ් පීරිස් අතර බැදීම ගැන මතකය ආවර්ජනය කරමින් වෙළඳ සේවා ක්‍රිකට් සභාපති මහේෂ් ද අල්විස් මේ අනුග්‍රාහකත්වයේ ස්තූතියට වඩාත් බැදීමක් එකතු කරන්නට සමත් වුණා.එසේම වෙළද සේවා ක්‍රිකට් සංගමයේ ලේකම් ඩේවිඩ් පීරිස් සමූහයේ ඇති ක්‍රීඩාව සම්බන්ධ බැදීම ජන ජීවිතය තෙක් දිගුවන අපූර්වත්වයන් ද සිහියට නඟමින් ආයතනික සමූහය තුළ ඇති ක්‍රීඩාමය හැඟීම තරගාවලියකට හෝ ක්‍රීඩාවකට සීමා නොවුණු බැදීමක් බවත් පෙන්වා දුන්නා.


ඩේවිඩ් පීරිස් ආයතනය වෙනුවෙන් එහි සමූහ ව්‍යාපාර ප්‍රධානි ෂෙනුක් හඳුන්ගේ ද සිය සමූහයේ ඇති අනන්‍යතාවය සහ කණ්ඩායම් හැඟීම වැනි කාරණාවන් ද,ඒ අරමුණ සමඟ වෙළඳ සේවා ක්‍රිකට් හී සාමූහිකත්වය සාර්ථක සංකලනයක් බව ද පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා.එහි ආයතනික සංනිවේදන ප්‍රධානි කේතිස්වර්න් වරතීස්වරන් ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි අතර ප්‍රධාන ආරාධිතයා ලෙස අනුග්‍රාහක චෙක්පත වෙළද සේවා ක්‍රිකට් සංගමය වෙත ප්‍රදානය කිරීම සඳහා සහභාගී වී සිටියේ ඩේවිඩ් පීරිස් ව්‍යාපාර සමූහයේ සීමාසහිත ඩේවිඩ් පීරිස් පුද්ගලික මෝටර් සමාගමේ අමතර කොටස් සහ උපාංග අංශයේ ප්‍රධාන නිලධාරී මංජුල ද අල්විස් ය.


මෙම තරගාවලියේ තරගකාරීත්වය වගේම එහි ප්‍රමිතිගත බව සුරක්ෂිත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ විනිසුරුවන් ද,ලකුණු සටහන් කරන්නන්ගේ සංගමයේ ලකුණු සටහන් කරුවන් ද මෙහිදී මෙම තරග විනිශ්චයට සහ ලකුණු සටහන් කිරීමට එක්වෙනවා.පකිස්තානයෙන් ආනයනය කරන ලද ග්‍රෙස් කැවිලියර් පන්දු මේ තරගවලදී වෙළද සේවා ක්‍රිකට් සළකුණ ද සමඟ සැම තරගයකට යොදා ගනු ලබනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...

යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස්...

රෝගීන් 12 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාමත ප්‍රංශයේ නිර්වින්දන වෛද්‍යවරයකු අත්අඩංගුවට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශකයකට...