රනිල් එජාප නායකත්වය අතහරින්න සූදානමින්!

Date:

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඊයේ (17) දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස් වී තිබෙන අතර එහිදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එක්ව ඉදිරි ගමනක් යාම සම්බන්ධයෙන් තමන්ද කැමැත්තෙන් පසුවන බවයි වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග සහයෝගීතා සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු කමිටුවක් පත් කර තිබේ. සමගි ජන බලවේග පාර්ශවයේ කටයුතු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙහෙයවනු ලබයි.

කෙසේ වෙතත් එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් තමන්ට නිල වාර්තාවක් තවමත් ලැබී නැති බවයි වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැන්ව තිබේ. අදාල සාකච්ඡා ඉතා ඉක්මණින් අවසන් කළ යුතුව ඇති අතර තවමත පමා වීමට කාලයක් නොමැති බවද ඔහු පවසා ඇතැයි සඳහන්.

එළඹෙන වසරේ සිට විපක්ෂයේ පක්ෂ සියල්ල ඒකාබද්ධ වෙමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැගිය යුතු වන හෙයින් ඉහත සාකච්ඡා කඩිනම් කරන ලෙස එජාප නායකයා දැනුම් දී තිබේ.

අදාළ සාකච්ඡාවලදී රනිල් නායකත්වයෙන් ඉවත් වී සජිත් හෝ වෙනත් අයකුට නායකත්වය දිය යුතු යැයි යෝජනාවක් පැමිණියහොත් ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැමති නම් තමාට කිසිම ගැටලුවක් නැති බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...