චීනයේ Hainan නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුම අද සිට!

Date:

කොළඹ LNW:Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක් අද(18) නිල වශයෙන් ආරම්භ වුණා. ඒ අනුව නිදහස් වෙළඳ වරායට ඇතුළු වන සහ පිටවන භාණ්ඩ සඳහා රේගු ප්‍රකාශන සේවා ලබා ගැනීම සිදු කෙරෙනවා. විදේශ වෙළඳාමට විවෘත වන රේගු වරායන් 8ක් සහ දේශීය වෙළඳාමට විවෘත වන රේගු වරායන් 10ක් මෙහිදී ක්‍රියාත්මකයි.

මෙය ක්‍රියාවට නැංවීමත් සමග Hainan පළාතේ නිදහස් වෙළඳ වරාය සඳහා “ශුන්‍ය-තීරුබදු” ලැයිස්තුව භාණ්ඩ 1,900 අධික ප්‍රමාණයක සිට 6,600කට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා පුළුල් කර ඇති බව වාර්තා වනවා. ඒ සමගම, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළඳ ප්‍රවර්ධනය සඳහා විදේශ ආයෝජන සඳහා තවත් ලිහිල් වෙළඳපල ප්‍රවේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කෙරෙනවා.

මෙය චීනයේ ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පුළුල් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් බවයි බොහෝ විදෙස් මාධ්‍ය සඳහන් කරන්නනේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...