කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ කදුකරයේ ප්‍රධාන ජලාශ වාන් දැමීම අද පෙරවරුවේ සිදුවිය.

වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 06ක් අද උදෑසන 09.30 වන විට විවෘත වී ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 17 700ක් රන්දෙණියල ජලාශයට මුදා හැරේ.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන විවෘත වූ අතර ඉන් තත්ත්පරයට ඝන මීටර් 472ක ජල ධාරිතාවයක් පහළ රන්ටැඹේ ජලාශයට මුදා හැරිණි. රන්දෙණිගල ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර් 01ක් උසට ද අනෙක් දොරටුව මීටර් 2.5ක් උසට විවෘත වී ඇත.

වික්ටෝරියා, රන්දෙණියල, රන්ටැඹේ ජලාශ වාන් දැමීම හේතුවෙන් මිනිපේ අමුණ මගින් ගමන් කොට මුදා හරින ජල ප්‍රවාහයේ ධාරිතාව වෙනස් විය හැකි බවත් ලොග්ගල්ඔය, දියබානා ඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවලින් වාන් දමන ජලය සහ බදුළු ඔයේ ජලය යළිත් මහවැලි ගංගාවට එක් වන බැවින් ගංගා පරිහරණයේද විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිගන ප්‍රධාන වේලී හා ජල මෙහෙයුම් අංශය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සංචාරක කර්මාන්තය වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් සූදානම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංචරක කර්මාන්තය ගොඩනැගීම වෙනුවෙන් නේෂන් බ්‍රැන්ඩින් වැඩපිළිවෙල...

ඇත්තටම ගෑස් හිඟයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18) පැවති...

ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: ශ්‍රී ලංකාවට තවමත් නිල...