ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී ආණ්ඩුව ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කර නැති බව පෙනෙන්නට ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේය.
ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කර තිබුණේ නම් සිදුවූ හානි අවම කරගැනීමට හැකිව තිබුණු බවයි ඔහු සඳහන් කළේ.
අද (18) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කරන ලදී.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
”රට තුළ ඇතිවුණ දිට්වා සුළි කුණාටුව සහ අධික වර්ෂාව සමඟ ඇතිවුණ නාය යෑමේ තත්ත්වයන් මෙන්ම ගංවතුර තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න ආණ්ඩුව කටයුතු කළාදැයි ප්‍රශ්නයක් තිබෙනවා. එසේ තිබියදී ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ වසරේ සකච්ඡාවක් කොළඹදි පැවැත් වී තිබෙනවා. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගි වී තිබෙනවා. මෙම සාකච්ඡාවේ දී රටට බලපාලන ස්වභාවික ආපදා පිළීබඳව සාකච්ඡා කළාද? සාකච්ඡා කළානම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම එම සාකච්ඡාවේදී ගත්ත ක්‍රියාමාර්ග ගැන රටට ඉදිරිපත් කළ යුතුයි. කෙසේ නමුත් ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම අනුව කටයුතු කර තිබුණානම් රටේ ජනතාව සහ දේපළ බේරගැනීමට තිබුණා.”
මේ අතර ආණ්ඩුව ආපදා කළමනාකරණ පනත අනුව කටයුතු කර ඇත්ද යන ප්‍රශ්නයද මතුවන බවයි ඔහු පැවසුවේ.
”ඒ වගේම ආපදා කළමනාකරණ පවත අනුව රජය කටයුතු කළාදැයි ප්‍රශ්නයක් තිබෙනවා. මෙම පනත ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයා , අගමැතිවරයා , විපක්ෂ නායකවරයා , සෞඛ්‍ය , පරිසර , වාරිමාර්ග , සංචාරක , මාර්ග , අධ්‍යාප වැනි විෂයන් භාර ඇමැතිවරු සිටිය යුතුයි. කෙසේ නමුත් තොරතුරු ලැබි තිබියදී ජලාශවල වාන් දොරටු විවෘත නොකළ බවට ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවා. මෙම තත්ත්වය නිති රාමුව තුළ කළමනාකරණය කළාදැයි ප්‍රශ්නයක් මතුවෙනවා. රටේ පුරවැසියා සහ දේපළ රජය ආරක්ෂා කළ යුතුයි. එය රජය ඉටු කර තිබෙනවාදැයි අවදානය යොමු කළ යුතුයි. ඒ වගේම ආපදා කළමනාකරණ පනත සහ ආපදා කළමනාකරණ සැලැස්ම ආණ්ඩුව ක්‍රියාත්මක කළාදැයි අවදානය යොමු කළ යුතුයි.” යනුවෙන් සඳහන් කරන ලදී.
