වනජීවී නිලධාරීන් අද (18) වැඩ වරති!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (18) දින දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් සංඛේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති සඳහන් කළේ, වනජීවී නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

තවද මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන්ද හෙට (19) දිනයේ දී වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මහතා පැවසුවේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වර්ජනය හෙට සහ අනිද්දා යන දෙදින තුළ සිදුකරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...