හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW: සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේය.

එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා ඇතුළු සිව් දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගතව සිටියි.

මේ අතර ඉමියුනොග්ලොබියුලීන් නමැති ප්‍රතිජීවක ඖෂධය ව්‍යජ ලෙස නිෂ්පාදනය කළ සමාගමට තවත් ඖෂධ වර්ග තුනක් ඒ ආකාරයටම ව්‍යාජ ලෙස නිෂ්පාදනය කිරීම සදහා ජනක චන්ද්‍රගුප්ත මහතා උපදෙස් ලබා දී ඇති බවද සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා චෝදනා කර සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට්, ක්‍රිකට් වින්දනය Rebuilding Sri Lanka සමඟ පාහයි

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: දිට්වා ව්‍යසනයෙන් නැගිටීම පහසු...

සීඑච්, සීආර් සහ මහනුවර ජය ලබති

නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි සූරතාවලියේ...

‘දිට්වා’ ඉතිරි කර ගිය විසඳුම් දුර ප්‍රශ්න…

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW : මේ වනවිටත් 'දිට්වා'...

වෙනිසියුලාව ට්‍රම්ගේ පාලනයට ගනිමින් අත්අඩංගුවට ගත් වෙනිසියුලානු නායක නිව්යෝර්ක් වෙත රැගෙන එයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මත්ද්‍රව්‍ය සහ ආයුධ...