හිටපු  සෞඛ්‍ය ලේකම්වරයාගේ  අවසන්  යුතුකම ගැන කියන කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හොරකමේ යාන්ත්‍රණය හෙලි කරන එක, හිටපු ලේකම්ට සෞඛ්‍ය වෙනුවෙන්  කරන්න ඉතුරුවෙලා තියන අවසන්  යුතුකම බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති  රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූවේ ,1

” හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට ඉමියුනෝග්ලොබියුලින් හොරකමෙන් ගැලවෙන්න බැහැ.

නමුත් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා කිසිම විටෙක තනි මතයට සෘජු තීරණ ගත්ත කෙනෙක් නෙවෙයි.

ඔහුගේ සියළු තීරණ ගත්තේ ඇමති වරයගේ අභිලාශයට එකඟව. බලපෑමට අදාලව.

සෞඛ්‍ය සේවාව නිවැරදී කර ගැනීමට නම් ඉමියුනෝග්ලොබියුලින් වංචාවේ සැබෑ සැලසුම හෙලිදරව් විය යුතුයි.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම කෙසේ වෙතත්, ඔහු මේ ගණුදෙණුව සැලසුම් වුණු ආකාරය හොඳින් දන්නවා.

බලපෑම් කල දේශපාළකයන් ගැන හොඳින් දන්නවා. ඒ නිසා ඒ සැලසුම සහ බලපෑම් කල අයව හෙලිදරව් කරන එක, සැලසුමේ යාන්ත්‍රණය එළියට දාන එක, ඔහුට අවසන් වශයෙන් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පැවරුණු වගකීමක්. අපි ඔහුට බල කරනවා, ඒ වගකීමවත් අතපසු නොකර ඉටු කරන්න කියලා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

  1. ↩︎

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...