සටහන: පුන්සරා ලියනගේ
දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නත්තලට පෙර ඔබේ Covid-19 සහ උණ ආශ්‍රිතව ලබා දෙන එන්නත් ලබා ගැනීමට තවමත් කාලය තිබෙන අතර, එබැවින් මෙම උත්සව සමයේ ඔබ සහ ඔබ අවට සිටින අය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව ලබා ගැනීමට වග බලා ගන්නා මෙන් විදෙස් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ.
උතුරු අයර්ලන්තයේ මෑත සතිවල වෛරස් හේතුවෙන් රෝහල් ගත කිරීම් වැඩි වී ඇති බව වෛද්‍ය ප්‍රධානීන් අනතුරු අඟවා තිබේ.
උණ රෝගීන්ගේ මෑත කාලීන වර්ධනයක් පෙන්නුම් කරන බවත්, නත්තලට පෙර ඒ පිළිබඳ වඟබලා ගෙන ආරක්ෂා වන ලෙසත් එම වෛද්‍ය ප්‍රධානීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
එළැඹුණ ශීත ඍතුවන්හි රෝගවල වැඩිවීමක් සමඟ පසුගිය සතිය තුළ ලියාපදිංචි වූ උණ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී තිබේ.
එය නොරො වෛරසය සහ RSV වෛරසය සමඟ උණ සහ Covid මට්ටම් ඉහළ යාමත් සමඟ අත්විඳි ඉරණමකි.
මෙම හේතුවෙන්, මාස 6 සිට අවුරුදු 65 දක්වා වයස්වල සිටින සායනික අවදානම් සහිත කණ්ඩායම්වල සියලුම අයවලුන්ට මෙන්ම වයස අවුරුදු 65 සහ ඊට වැඩි අයට ද ඔවුන්ගේ Covid සහ උණ එන්නත් ලබා ගැනීමට උපදෙස් දී තිබේ.