සුදු වෑන් කතාව ගැන රාජිත ප්‍රසිද්ධියේ කියන පුදුම සහගත හෙළිදරව්ව!

Date:

රාජපක්ෂ පාලන සමයේ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයින් මරා අතුණු බහන් කොටස් ඉවත් කර මළසිරුරු කිඹුලන්ට කන්න දැමු කතාව සත්‍යයක් ලෙස තහවුරු වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එම සත්‍ය කරුණු වසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරට පත් නිලධාරියෙකු සම්බන්ධ වී ඇති බවයි.

යහපාලන සමයේ සිදුකළ අපරාධ පරීක්ෂණ අඩාල වුයේ ඇතැම් අයගේ අනවශ්‍ය කලබලය නිසා බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

එවක පිහිට වූ පොලිස් අපරාධ කොට්ටාශය භාරව සිටි ප්‍රධාන නිලධාරියාද දුෂිත ක්‍රම වේදය තුළ කටයුතු කිරීම හේතුවෙන් එම පරීක්ෂණ සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් නිර්මාණය වූ බවද ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් රජයකට මෙම පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර වරද කරුවන්ට දඩුවම් පැමිණවීමට වසර පහක කාලයක් පමණක් ප්‍රමාණවත් නොවන බවද ඔහු පෙන්වා දී තිබීම විශේෂත්වයක්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

පෙරමුණ සිටින සීආර් ට වැස්සෙන් බාධා

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් ක්‍රියාත්මක...