*
Monday, April 28, 2025
spot_img

Latest Posts

ජාතික ක්‍රිඩාවේ හෙටට වැදගත් තරගාවලියේ සූරතා හයිඩ්‍රාමනී සහ ජෝෂප් වාස් බෙදා ගනිති

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මහනුවර ගැටඹේ ක්‍රිඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති ආධුනික අවුරුදු 25 න් පහළ මංචි කුසලාන ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා සූරතාවය හයිඩ්‍රාමනී කණ්ඩායමටත්,පිරිමි සූරතාවය ජෝෂප්වාස් කණ්ඩායමටත් හිමි වෙමින් අවසන් විය.පළාත් තරගවලින් සූරතාවය දිනා ගත් කණ්ඩායම් 36 ක් මහනුවර ගැටඹේ පිටියට එක් කරමින් පැවත් වූ මෙම තරගාවලිය දෙසැම්බර් 16 දා ඇරඹී 17 වන දා නිමිවට පත් විය.


කාන්තා අවසාන තරගයේදී හයිඩ්‍රාමනී කණ්ඩායමට එරෙහිව තරග වැදුණේ බිටූලින්ක් කණ්ඩායමයි.මෙම කණ්ඩායම් දෙකම පෞද්ගලික අංශයෙන් වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් ජාතික මට්ටමේ සටින ඒ දක්වා පැමිණෙමින් තිබෙන ක්‍රිඩකයන්ට අනුග්‍රහය ලබා දෙන කණ්ඩායම් විම කැපී පෙණින.එම තරගයේදී හයිඩ්‍රාමනී කණ්ඩායම වට 3-0 න් බිටුලින්ක් කණ්ඩායම පරාජය කළේ ලකුණු සටහන 25/11,25/23 සහ 25/22 ලෙස ලකුණු සටහන දක්වමින්ය.

ජෝෂප් වාස්


පිරිමි අවසාන තරගයේදී ජයග්‍රාහී ජෝෂප්වාස් ක්‍රීඩකයන්ට අභියෝග කරමින් රුවන්වැල්ල රාජසිංහ කණ්ඩායම ජයග්‍රහණය විශාල උත්සාහයක් දැරුවද ඔවුන්ට ජය ගැනීමට ලැබුණේ 33/21 ක් ලෙස තියුණුම අවසානය දකින්නට ලැබුණු පළමු තරග වටය පමණි.ඉතිරි වට තුන ජෝෂප්වාස් කණ්ඩායම ජය ගත්තේ 25/18, 25/12, 25/23 ලෙස ය.

බිටූලින්ක්


රටේ ජාතික ක්‍රීඩාව වුව වොලිබෝල් තවමත් රටේ වොලිබෝල් ජාත්‍යන්තරයට සාපේක්ෂව සළකා බලද්දී දකුණු ආසියාව හෝ ඉක්මවා යා හැකි තත්ත්වයක නැත.ඒසේම දකුණු ආසියාව හමුවේ ද අලුත් අභියෝග ඉදිරියේ පසුබාන ලකුණු පෙන්වන තත්ත්වයක ඇත.ඒවැනි තත්ත්වයක් ඇතුළේ වොලිබෝල් ක්‍රීඩාවේ ආසන්න ප්‍රාතහාර්යන් වෙනුවට අපේක්ෂා කළ හැකි දීර්ඝ කාලීන සැළසුම් සමඟ ලබා ගත හැකි ජයග්‍රහණ වෙත අවධානය යොමු කිරීමේදී මෙවැනි අවුරුදු 25 න් පහළ ජතෙික මට්ටමේ තරගාවලියකට ඉහළම සැළකිලි හිමි විය යුතුය.ඒ් නිසා මෙවැනි තරගාවලියක් අතපසු නොකර අනුග්‍රාහකත්වයන් සොයා ගෙන පැවත්වීම අතිශයින් රටේ අනාගත වොලිබෝල් ක්‍රිඩාවට වැදගත් ක්‍රියාවකි.නමුත් වොලිබෝල් ක්‍රීඩාවේ ජාතික අනාගත අභියෝගයට හරියටම සාධාරණ අදහසක් ඇතිව ක්‍රියාත්මක විණිනම් මේ තරගාවලිය මීට වඩා ජාත්‍යන්තර මට්ටමට සමීප පොහොසත් පොළවකට අවසාන පූර්ව වටයේ සිට හෝ ගෙන එන්නට තිබුණු බව අපි විශ්වාස කරමු.

රාජසිංහ


කෙසේ හෝ අඩුම පහසුකම් සහිතව හෝ අනාගත ක්‍රීඩාවේ දියුණුවට වැඩිම සේවයක් සහිත තරගාවලියක් හැටියට නිර්වචනය කළ හැකි තරගාවලියක් වන මෙම තරගාවලිය සමස්ත ශ්‍රී ලංකාවේ ඊ ළඟ දක්ෂයන් අතර තරගාවලියක් ලෙස පැවත්වීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට සුබ පතමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan