රැකියා සඳහා තවත් පිරිසක් ඊශ්‍රායල් බලා යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (18) දින රාත්‍රියේදී ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ, මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ අතර අද (19) උදෑසන තවත් විසි දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත අතර අද (19) රාත්‍රියේදීත් තවත් තිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊශ්‍රායලය බලා පිටත් කර යවන බවයි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන පළමු කණ්ඩායම සදහා වන ගුවන් ටිකට්පත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකදී ශ්‍රමිකයින්ට ලබා දුන්නේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කරන බව , දෙරට අතර මීට පෙර ඇති කරගෙන තිබූ ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට කටයුතු කරන අතර ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රමිකයින් දස දහසක් ඊශ්‍රායලය බලා පිටත් කර යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා එසේ මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවුවහොත් මුදල් ලබාදී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ තිබෙන බවද සදහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ, මීට අමතරව ඉදිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකගතාවය පළ කර ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...