සිසි ඊජිප්තු මැතිවරණය 89.6% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැතිවරණ නීති උල්ලංඝණය කළ බවට එල්ල වන චෝදනා මධ්‍යයේ ඊජිප්තුවේ අබ්දෙල් ෆටා අල්-සිසි තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්ව ඇති බව වාර්තා වේ.

ජාතික මැතිවරණ අධිකාරියට අනුව ඔහු 89.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ.

හිටපු ජෙනරාල්වරයකු වූ සිසි 2014 දී ජනාධිපති ධුරයට තේරී පත් වූ අතර 2018 දී නැවත තේරී පත් වූ අතර එම අවස්ථා දෙකේදීම 97% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. අනතුරුව 2019 දී ඊජිප්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසු ජනාධිපති ධූර කාලය හතරේ සිට වසර හයක් දක්වා දීර්ඝ කර ගන්නා ලදී.

මෙවර මැතිවරණයේ ඊශ්‍රායල්-ගාසා ගැටුම ප්‍රධාන නිර්නයකයක්ව ඇති අතර සිසි ගාසා තිරය වෙනුවෙන් මානුෂිය සටන් විරාමයක් ඉල්ලා සිටීමත් සමඟ ඊජිප්තු ජාතිකයන් ඡන්දය දීමට පෙළ ගැසී සිටියේ මීළඟ වාරය සඳහා තම ජනාධිපතිවරයා තෝරා ගැනීමට පමණක් නොව මෙම අමානුෂික යුද්ධය ප්‍රතික්ෂේප කිරීම මුළු ලෝකයටම ප්‍රකාශ කිරීමට බව පැවසේ.

සිසි මෙවර මැතිවරණය තුළ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සහ ආරක්ෂක ඒජන්සිය භාවිතා කළේ බරපතල තරඟකරුවෙකු පවා ඉදිරිපත් වීම වැළැක්වීමට බව ස්වාධීන කණ්ඩායමක් වන පුද්ගලික අයිතිවාසිකම් සඳහා වන ඊජිප්තු මුලපිරීමේ (EIPR) ප්‍රධානී Hossam Bahgat ප්‍රකාශ කර තිබේ. රොයිටර් වාර්තාකරුවන්ට අනුව බඩු මළු බෙදා දෙමින් සිසිට ජන්දය ලබා දෙන ලෙස ජනතාවට බලපෑම් කළ බවට සිසිට එරෙහිව චෝදනා එල්ල වේ.

මේ වන විට ඊජිප්තුවේ සීඝ්‍ර උද්ධමනය, නිදන්ගත විදේශ මුදල් හිඟයක් සහ ඉහළ යන ණය බර ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි දැඩි බලපෑම් කර ඇති අතර මුදල් අවප්‍රමාණය කිරීම ඇතුළු ආර්ථික තීරණ ඡන්දයෙන් පසුව සිදුවිය හැකිබව විශ්ලේෂකයන් දක්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...