*
Monday, May 6, 2024
spot_img

Latest Posts

සම්ප්‍රදායික පිරිමි සමාජය ඇදන් ඉන්නේ සාරි ද කියා පරික්ෂා කරන විශ්නු වාසුගේ “සාරි අඳින පිරිමි” හෙට ජනගත වෙයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): සිම්පල් සයිමන්ගෙ සිම්පල් කමේ තියෙන ගැඹුරෙ හති වැටෙනකං කිමිදුණත් ඒ හරහා ඇති කරන සංතෝශය කෙළවරක් නැහැ.ඒ සංතෝශයෙ කිමිදිලා හුස්ම අල්ලං ඉද්දි සිම්පල් සයිමන්ගෙ හිමිකාරයා ආපහු සරයක් කෙහෙවල්ලෙන් අල්ලලා අරගෙන අර සිම්පල් විදිහටම මහා ගැඹුරක අපිව හිර කරන්න හදන බව දැණුනෙ ෆේස්බුක් අවකාශයට ජනක ඉණිමංකඩ අත ඇරල තිබුණ වීඩියෝවකින්.


‘සාරි අඳින පිරිමි’ කිව්වම ඔළුවට එන්නෙ හරස් විලාසිනියන්. දුරකතනයෙන් මං ඒ ප්‍රශ්නය සාරි අදින පිරිමි අකුරු කරපු විශ්නු වාසුගෙන් ඇහැව්වෙම පුංචියට සොරි කියන අපේ සංස්කෘතියේ ඒ විදිහට කතා කරන මිනිස්සු ගැනමද මේ කියල අහන ගමන්. ඒ අහන අස්සෙත් මට හිතේ තිබුණා ඕනිම පහත් වැඩක් කරාම පිරිමියෙක්ට කියන ගෑණු වැඩ කරන්න එපා බං කියන කෑල්ලත්. ඇයි ඒ විදිහට පහත් සංඛේතයක් විදිහට ගැහැණියව සළකුණු කරලා තියෙන්නෙ කියන ගැටළුවක් වගෙ ඔළුවෙ තියෙනවනම්,හරස් විලාසිනියන් වගෙ අයට සමාජය සළකන සැළකීම ඔළුවටත් උඩින් දෝර ගලක තරමට අසාධාරණයි කියන හැඟීමත් ඔළුවෙ තිබුණා.


විශ්ණු ඒ අසාධාරණයට විරුද්ධ වුණාට ආයුධ පාවිච්චි කරන්නෙ හරිම සංයමයෙන්.ලියන වචන වගෙම ඒවා නිවුණු සෙමින් කැපෙන පැත්තෙන් කරන පිරිමැදීම් වගෙ.


“මේ කතාව ලංකාවෙ මිනිස්සුන්ගෙ දුර්වලකම් ආමන්ත්‍රණය කරන්න ‘පොන්නයා” කියන වචනය යොදවීමෙන් ඒ කුලකයට කරන ආසාධාරණයටයි. කොතනකවත් අපි අධ්‍යයනය කරලා නැහැ ඇයි ඒ අය එහෙම වෙලා තියෙන්නෙ කියන එක. LGBT කියන කුලකයට අයත්වන මිනිස්සු ඇයි එහෙම වුණේ හෝ එහෙම හැඟීමක් ඇති බව දැනගත්තෙ කවදද කියන ප්‍රශ්නය වගෙ දේවල් තමයි ඒ අය ගැන කතා කරන අයත් අහන්නෙ. ඒකත් අපහසුවට ලක් කිරිමක්. ඒ ස්වභාවය මිසක් භාහිරෙන් ඇති කරන දෙයක් නොවෙයි. ඒ වගෙම මේ කතාවෙ දෙමවිපියන්ටත් හිතන්න දෙයක් තියෙනවා. දැන් දරුවො හදන්නෙ අච්චු විදිහටනෙ. ඒ අච්චුවෙ නැත්නම් පිළිගන්නෙ නැහැ. ඒ විදිහට තමන් හදන්න හදපු අච්චුවෙ හැඩේ වෙනස් වෙලා ආපු දරුවෙක් තාත්තා විසින් ප්‍රතික්ෂේප කරනවා. ඒ තාත්තා සමඟ පිය සෙනෙහස අහිමි වන දරුවා තාත්තා හොයාගෙන යාම තමයි මේ කෘතිය ඇතුළෙන් දිවෙන ප්‍රධාන කාරණයක් වන්නේ.”


විශ්නු මේ කාර්යය එළියට දමන්නේ විශාල අධ්‍යයනයකින් පසුවයි. ඔහු සමාජයේ තෙම්පරාදු රස්තියාදුකාරයෙක් කියන කාරණය සිම්පල් සයිමන්ගෙන්ම වටහා ගන්න පුළුවන්. ඒත් මේ සමාජ රස්තියාදුව විසින් හොරකම් කරන මිනිස්සුන්ගේ සංස්කෘතීන් අපූරු නිර්මාණ විදිහට පාවිච්චි කරන්න විශ්නුට තියෙන හැකියාව සහ ඉවසීමත්,ඔහු එම සංස්කෘතීන්ට ආදරය සහ ගෞරවය දක්වන්න පෙළඹවිමක් ඇති කරන හැටියට සිය බසෙන් හදවත් මත ඇති කරන තෙතත් හරිම අපූරුයි.


වයස ගැනවත් හිතන්නෙ නැතුව මම ලොකු රිසර්ච් එකක් කරලයි මේ කතාව එළියට ගේන්නෙ”
ඒ රිසර්ච් කියන බර වචනය අස්සෙ තියෙන ඇත්තම ඇත්ත වචනයට රස්තියාදුව කිව්වම විශ්නු තරහ වෙන එකක් නැහැ. ආදරේ තියෙන්නෙම එතැන. දැනෙන්නෙම ඒ රස්තියාදුවේ රහ.


“මං ජම්පටාවීදියේ ආදුරුප්පුවීදියෙ නාන ලිඳවල් ළඟ ගැවසෙමින් සෑහෙන දේවල් හොයාගත්තා. මේ සිද්ධි හොයාගන්න අඳුරු වැටෙනකං ඉන්න වෙනවා. ඒත් නිකං ඉන්න බැහැ. රුපියල් 50 ක් දිලා නානවා. රාත්‍රිය වගෙම තද සීතලත් එක්ක හම රැලි වැටෙනකං නාලා තමයි ඒ අය අතරට යන්න පාර හදා ගත්තෙ.”
ඒකට ගවේෂණය වැනි වචනයකය වඩා රස්තියාදුව ගැලපෙන බව සමීප බව විශ්වාස කරන නිසා රිසර්ච් කියන ඇකඩමික් වචනයෙන් බැහැර වීම සුදුසු බව මගේ හැඟීමය.


විශ්නු පවසන්නේ මේ ප්‍රජාව දෙස බලන මිනිසුන් දකින සමීපතම වචනය වන සෙක්ස් ගැන ඔහු වචනයක්වත් මේ පොතට නොගෙන එය වෙනස් විදිහකට පෙරට ගෙන ඒමට ඉවසිලිවන්ත වූ බවය.
“පහළම ස්ථාරය සෘජුවම පාරට බහින සෙක්ස් වෝකර්ස්ලා තමයි. ලිංගික ශ්‍රමිකයන් විදිහට ජීවිතය ගෙවන ඒ අයට ඉහළින් සිටින මධ්‍යම පාංතික අය මේ වෙනකොට පරිගණක තාක්ෂණය වැනි දේවල් යොදාගෙන ගෘප් හදාගෙන වෙනම සංස්කෘතියක් නිර්මාණය කරගෙන මේ වැඩේ කරගෙන යනවා.ඊට ඉහළින්ම තියෙන සමාජයෙ සිදුවීම් අදහගන්නත් බැරි තරම්.මම සාමාන්‍යයෙන් කියන්න අකමැති වචයක් පිංපියා කියන එක. නමුත් ඒ වචනයෙන් අමතන සමහර අතරමැදියන් අතේ වෙනම පෝල්ඩර්ස් තියෙනවා. ඒවා ඇතුළෙ තමන් කැමති විදිහෙ ශරීර හැඩතල ඉදල වයස වගෙ කැටගරිවලට අයත් වෙච්චි සමලිංගික ශ්‍රමිකයන් ඉන්නවා. සමහර විට ඒ අය දක්ෂ රගර්,ක්‍රිකට් වැනි ක්‍රිඩාවල නියැලෙන අය වෙන්නත් පුළුවන්.”
විශ්නු මේ තත්ත්වයේ සැඟවුණ එහෙත් මිනිසුන්ගේ අවශ්‍යයතාවයන් සම්බන්ධයෙන් වන සමාජ තත්ත්වය පැහැදිළි කරමින් හෙළි කරයි.


මේ තත්ත්වය අද වන විට ගොඩ දෙනෙක්ට ආගන්තුක දෙයක් නෙමෙයි. ඒත් ඒවා පිළිගන්න තියෙන කැමත්ත අඩුයි. තවමත් පරිනත නොවුණු සමාජයක අපි ඉන්නෙ. විවෘත නොවුණු සමාජයක ඉන්නෙ. එත් මට පාදක වන කතා නායකයා 92 ඉපදුණ කෙනෙක් වුණාට ඊට වසර 30 ට ඉස්සෙල්ලා 62 මේ ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත්ව අම්මා කෙනෙක් විදිහට ඔවුන්ව රැක බලාගත් නඩත්තු කරපු ලලිත් ධර්මවර්ධන තමයි මේ පොතේ පිදුමට සුදුසු තැනත්තා විදිහට මං නම් කරලා තියෙන්නෙ. අදටත් හරියට පිිළිගැනීමක් නැති මේ කුලකව ගැන වසර 30 ට ඉස්සර තිබුණ තත්ත්වය එක්ක ලලිත් වැඩ කරපු හැටි හිතල බලන්න”


විෂ්නු නිරන්තරයෙන් විවේචනයත්,ගරු කිරීමත් එකම ස්වරයකින් සහ ගෞරවය නොකෙළෙසන ආකාරයට දැනෙන බරක් එකතු කර කරන්න දන්න සුන්දර වචන හරඹයක් සහිත ලේඛකයෙකි.ඒ නිසා ඔහු පුදන්න තෝරා ගන්නේ ඊට වඩාත්ම සුදුස්සාය.කලා කේෂ්ත්‍රයේ බොහෝ අයට ඔහු ලලිත් ධර්මවර්ධනටත් වඩා “කොණ්ඩ ලලිත් අයියා” ය.අයියා යන ගෞරවාන්විත පදයෙන් හැදිණිය හැකි ලෙසම ඔහු සිය වාත්තිමය තත්ත්වය පවත්වාගෙන යන්නටත් බොහෝ අයගේ නැගිටිම්වලට පය තබන්නට ඉණිමඟ සකසා දෙන්නටත් නොමසුරුව දායක වූ නියැලෙන සෑම කේෂ්ත්‍රයක් ඇතුළේම ආදරයට ගෞරවයට පාත්‍ර වන්නට සුදුස්සෙක් බවට හෝඩුවාවන් බොහෝ ඇත්තෙක්ය.


හෙට,ඒ කියන්නෙ දෙසැම්බර් 20 සන්නාගේ තැප්‍රොබේන් එකේ තමයි සාරි අදින පිරිමි එළියට එන්නෙ. 4 – 6 අතර කාලයෙදි ඇවිත් යන්න එන්න.පොතක් 700 යි.එන පාර හරි මොනව හරි දෙයක් දැන ගන්න තියෙනවනම් 0772 262267 ට දුරකතන ඇමතුමක් දෙන්න”


සාරි අදින මිනිස්සු එළියට ආවට පස්සෙ ඇත්තටම තමන් ඇඳගෙන ඉන්නෙ මොකද්ද සහ එක, එක අවස්ථාවන්වල තමන් අදින්නෙ මොකද්ද කියන එක සමාජ සම්ප්‍රදායෙන් සාරියට සහ ගැහැණියට පවරලා තියෙන අවම සැළකිල්ලට සාපේක්ෂව හිතලා තමන්ටම තීරණය කර ගන්න මොහොතක් විෂ්නු නිර්මාණය කරලා තියෙන බව සහතික කරන්න පුළුවන්.

ඒකට ජනක ඉදිරිපත් කරල තියෙන වීඩියෝව ප්‍රමාණවත්. ඒ මොහොත තුළ හිස් වෙන්න ඇති ඇල්කොහොල් ලීටර් ගාණ හෝ වීදුරු ගණනෙ කොටසක් වෙන්න බැරිවීම ගැන නෙමෙයි ඉරිසියාව. ඒ විනදනීය හෝරාවන් ඇතුළෙ තිබුණ රස කළදකවත් අරුම පුදුම උරුමක්කාරයෙක් වෙන්න බැරිවෙච්ච එක ගැනයි දුක. ඉතිං ඒ දුක පහවෙන්න රස උතුරන්න විශ්නුගේ සාරි අදින මිනිස්සුත් එක්ක ගැවසෙන්න නුගේගොඩ පහුකරලා ඇවිත් ජපුර කැම්පස් එකට යන හෝල්ට් එකේ බස්සසන්න කිව්වම බස් එක නවත්තන පැත්තෙන්ම ඇතුළට ලියහම සන්නස්ගලගේ තැප්‍රොබේන් එක තියෙනවා. මේ කොටුව පැත්නේ එන අයට සෙන හෝඩුවාවක්. එන්නෙ මහරගම පැත්තෙන්නම් මේක වෙනස් වෙනවා ඊට විරුද්ධ පැතිවලට.

https://www.facebook.com/100000440993370/videos/894171625273561/

හෙට විෂ්නුව හම්බවෙන්නම බලන්න.එතකොට බලාගන්න පුළුවන් සාරි අදින පිරිමින්ගෙ හැඩ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan