සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය!

0
227

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

බද්දට යටත් පිරිවැටුම 2024.01.01 සිට ක්‍රියාත්මක වන පරිදි වසරකට රුපියල් මිලියන 120 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීම සඳහා 2022 අංක 25 දරන සමාජ ආරක්ෂක දායකත්ව බදු පනත සංශෝධනයට පසුගිය ඔක්තෝබර් 30 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබුණු අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවද සඳහන් වේ.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇