චීන-ඉන්දීය දේශසීමා පිළිබඳ දෙපාර්ශ්වය අතර එකඟතාවක්!

Date:

කොළඹ LNW:චීන-ඉන්දීය දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීම ඊයේ (19) චීනයේ බෙයිජිං හිදී පැවැත්වුණා. වසර පහකට පසුව දෙපාර්ශ්වය අතර පැවති පළමු හමුව මෙයයි. චීනය සහ ඉන්දියාව චීන-ඉන්දියානු දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු 6 ක එකඟතාවයකට එහිදී එළඹ තිබෙනවා.

පළමුවැන්න දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට විසින් එළඹ ඇති විසඳුම් පිළිබඳව ධනාත්මකව අදහස් දැක්වීමයි. දෙවැන්න 2005 වසරේ දී ඇති කර ගත් දේශපාලන මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව දේශසීමා ප්‍රශ්නයට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් සොයා ගැනීමේ අවශ්‍යතාව තහවුරු කර තිබීමයි. තෙවැන්න දෙපාර්ශ්වය දේශසීමා තත්ත්වය තක්සේරු කර දේශසීමාවේ තිරසර සාමය සඳහා දේශසීමා ප්‍රදේශයේ පාලන නීති තවදුරටත් සැකසීමට එකඟ වීමයි.

දේශසීමා හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම, චීනයේ ටිබෙට් ස්වායත්තයට ඉන්දීය වන්දනාකරුවන්ගේ වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම, දේශසීමා වෙළඳාම ප්‍රවර්ධනය සිව්වැන්නයි. පස්වන කරුණ ලෙසට, විශේෂ නියෝජිත රැස්වීම් යාන්ත්‍රණය ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. අවසන් වශයෙන් ලබන වසරේ නව වටයේ විශේෂ නියෝජිත රැස්වීම ඉන්දියාවේදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

චීන -ඉන්දීය මෙම එකඟතාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...