වත්මන් ආණ්ඩුවේ ප්‍රගතිය ගැන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ගෙන් පැසසුම්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අතර, අද (20) මුදල් අමාත්‍යාංශයේදී පැවැති හමුවක් පැවතුණි.

එහිදී, වත්මන් ආණ්ඩුව බලයට පත්වී කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැසසිය යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පවසා ඇත.

මෙහිදී මෙරට භාණ්ඩ බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ වෙත අපනයනය කිරීම සඳහා උපරිම සහය ලබා දීමට සූදානම් බව පැවසු මහාකොමසාරිස්වරයා පැවැසුවේ ලබන වසරේ මුල් කාලයේදී ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීම අරමුණු කරගනිමින් ව්‍යාපාරිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වීමට සූදානම් බවයි. මෙරට කාබනික කෘෂිභෝග අපනයනය සඳහා එට වෙළෙඳපොළ තුළ ඉහළ ශක්‍යතාවක් පවතින බවත් ඇඟලුම්, කෘෂි නිෂ්පාදන, ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන වැනි විවිධ නිෂ්පාදන සඳහා රට වෙළෙඳපොළ තුළ ඉඩත් පවතින බවත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා එහිදී පවසා ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ප්‍රමුඛ ස්ථානයක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හිමි වන බැවින් ඒ තුළින් ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළට ලැබෙන බවත්, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පැසසුම් එක් කළ මහකොමසාරිස්වරයා කෙටි කාලීනව ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා පවසා ඇත.

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව සීමා නිර්ණ කමිටුවට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:2012 සහ 2021 දී පත් කරන ලද කමිටුවල...

පාතාලය කැළඹුනාට ජතික ආරක්ෂවට ප්‍රශ්නයක් නැහැ – ආරක්ෂක ලේකම්

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී...

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...