සටහන – රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය (LNW) : සිය වසක් ලබන්නට තව වසර දහයක් තිබියදී තම පැවිදි දිවියේ සාඩම්බර මහිමය නිහතමානිව ලොවට ප්‍රකට කරමින් සියලු අංශ වලින් පරිපුර්ණ, කෝණයකින් ගණනය කළ නොහැකි අපමණ ජාතික ආගමික අධ්‍යාපනික සාමාජික හා ශාසන සේවාවකට තම ජීවිතයම කැපකළ, ගල්කිස්ස බෞද්ධායතනාධිපති කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති, ත්‍රිපිටකවාගිශ්වරාචාර්ය උපාධ්‍යාය පුජ්‍යපාද දිවියාගහ යසස්සි නාහිමියන්, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාරයීය ශ්‍රීමත් මහානායක සානුනායක වරප්‍රමුඛ විoශත් වාර්ගික කාරක මහා සංඝ සභාව මගින් -ප්‍රවචන කිර්ති ශ්‍රී සද්ධම්මජෝතික- යන බෙහෙවින්ම අර්ථවත්වූ ගෞරව නාමයෙන් උපහාර පැවැත්වීම සැබවින්ම පිදිය යුත්තන් පිදීමේ මහඟු ගුණය අපට සිහිපත් කරවති.ඒනිසාම එම ගෞරවනීය පදවියෙන් උන්වහන්සේ පුජනීයත්වයට පත් කිරීම අස්ගිරි මහා විහාරය මගින් සිදු කළ කාලෝචිත සම්භාවනීය පියවරක් ලෙස එම කීර්තිමත් සංඝ සභාවට බෞද්ධලොකයේම කෘතවේදී ප්‍රශංසාවද ගෞරවයද සාකල්‍යයෙන්ම හිම්විය යුතුමය.
දකුණු පළාතේ දිවියාගහ සම්භාවනීය රත්නායක පවුලට මිණි පහනක්ව ජන්ම ලාභය ලද අප නා හිමියෝ පළාතේ බෙහෙවින් ගෞරවාදරයට පත් උතුම් ගුරු උතුමන් දෙපලගේ ආශ්‍රය හා ආශිර්වාද ලබමින් ශාසනික පැවිද්ද ශ්‍රද්ධාවෙන්ම ලබා, තම ගුරු ඇසුරින් හා මාලිගාකන්දේ විද්‍යෝදය මහා පිරිවෙණින් උගතමනා බණ දහම් ද පාලි සංස්කෘත සිංහල හා බුදුදහම මැනවින් හදාරා එකල සිටි කීර්තිමත් ගුරුමණ්ඩලයේ ප්‍රසංසාවට ලක්වෙමින් විවිධ උසස් ත්‍යාග හා සම්මාන ලැබුහ. නිසි කළ මහනුවර මල්වතු විහාරයීය උපෝසථාගාරයේදී අධිශීල උපසම්පදාව ලද, එතුමන් අනතුරුව විදුදය සරසවියට ඇතුළත්ව උසස් අධ්‍යාපන සේවාවකට අවශ්‍ය උපාධි සම්පාදනය කර ගත්හ.
අනතුරුව දිවයින පළාත් කීපයක රජයේ උප ගුරුවරයෙකු ලෙස තම අධ්‍යාපන හා ශාස්ත්‍රීය සේවා සිදු කළ උන්වහන්සේ තම ගුරු ජිවිතයේ ස්වර්ණමය යුගය කොළඹ ආනන්ද මහා විදුහලෙන් ඓතිහාසිකවම සටහන් කළහ.
රජයේ ගුරු සේවයෙන් නිදහස්ව රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයාණන් ලෙස වසර කීපයක්ම වටිනා සේවාවක් සිදුකළහ.
ලංකාව හා ආසන්න රාජ්‍යයෝ එකල අප සාමාන්‍ය පෙළ පන්තිවල කුඩා සාමණේර සිසුන් ලෙස බොහෝ ආශාවෙන් කියවුවෙමු. ශ්‍රීලාංකික ඉතිහාසයත් ජාතික සංස්කෘතියත්, දේශප්‍රේමය හා ජාතික වාත්සල්‍යායත් අප උගත්තේ අප සිත් වලට කාවැදුණේ එම මහනිය ග්‍රන්ථ ආශ්‍රයෙනි.දිවියාගහ යසස්සි හිමි යන නම අපේ හදවත් තුළ මුල්වරට සදා ජීවමානව නතරවුණේ එම පොත නිසාමය.
පුරාකෘත පිං මහිමයෙන් ලද, දුටුවන් දෙවරක් නිරන්තරයෙන් දකින්නට කැමති, මනා පිරිපුන් සිත් අදනා දේහ විලාසයෙන් හෙබි අපේ යසස්සි නාහිමි රුව කුඩා සාමණේර දරුවන් ලෙස එකළඅපේ සිත් බැදගත්තේ අපුරුවටය. ඒ නිසාම උන්වහන්සේගේ ධර්ම දේශනා කුඩා කළ සිටම අසන්නට අප බෙහෙවින් කැමතිවිය.
අපේ යසස්සි නායක හාමුදුරුවෝ අපට ළගින්ම ඇසුරට වැටුනේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්ය වරයෙකු ලෙස පත්වූ පසුවය. ලියුම් කවරයක්. මුද්දරයක් මනාව ඇලවීම සිට අර්ථවත් ජිවිතයකට අවශ්‍ය බොහෝ දෙ ක්‍රමවත්ව කිරීමට එම ඇසුර බෙහෙවින් අපේ ජිවිතවලට බලපෑබව කිව මනාය. ආනන්ද බෞද්ධ සංගමයේ සැමදා කෙරුණු විවිධ සංවිධාන වැඩ වලදී මෙන්ම අපට භාරව තිබුණු අනද නුවණ සමාජයේ ක්‍රියාත්මක වැඩ වලදී උන්වහන්සේගේ මග පෙන්වීම බෙහෙවින්ම පලදායීවිය. 6000ක් සිසු දරුවන් එකළඋගත් ආනන්දය වැනි ආයතනයක ධර්මාචාර්යවරයෙක්විමේදී ලද අභියෝග පහසුවෙන් ජයගන්නට උන්වහන්සේගෙන් ලද පන්නරය සැබෑම ශක්තියක් විය. ආනන්ද ශත සංවත්සරය විවිධ උත්සවයන්ගෙන් සමන්විතව, සර්වරාත්‍රික පිරිත් දේශනා, සියක් මහා සගරුවනට පුජා කළ මහා දානය, අනුරාධපුර සංවත්සර චාරිකාව හා සංවත්සර ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීමේදී උන්වහන්සේ සමග එක්වීමට ලැබීමෙන් උකහාගත් සිහිවටන , තවමත් ජිනීවා වලදීත් අපට මග පෙන්වන ආකාරය ආශ්ලාද ජනකය. වෙලාවට වැඩ කිරීමට , අකුරටම තම වගකීම් නිවැරදිවම කිරීමට ස්විට්සර්ලන්තයට පැමිණීමට පෙරම අප මැනවින් පුහුණුවුයේ අප නාහිමිය න්ගේ සත්පුරුෂ ඇසුරිණි.
හිස් මුඩු බිමක් පිං බිමක් වෙමින් වේගයෙන් ජන හද දිනාගත්, ගල්කිස්සේ වටරප්පොල බෞද්ධායතනයේ ආරම්භක සමයේ පටන්, එම ආයතනයේ විශ්ව කර්ම සංවර්ධන කාල පරිච්ජේදයන් තුළ බෙහෙවින් සමීපව කටයුතු කරමින් අප උගත්දෑ බොහෝය.
ආනන්දයේ ගත කළ කාලයටත් වඩා ඉතාම ළගින් ගුවන් යානාවල ලගම ආසනයේ එකට අසුන් ගනිමින්, උන්වහන්සේ සමග කළ දීර්ඝ විදේශ සංචාර සැබවින්ම අතිශයින් ආශ්ලදා ජනකය. උන්වහන්සේගේ සමග ඇමෙරිකාවට නෙදර්ලන්තයට හා ප්‍රංශයට අපි සංචාරය කළෙමු. ඒ සැම සංචාරයකම පරිවාරක ඇමති කාර්ය භාරය එතුමන් වෙනුවෙන් කරන්නට ලැබීම මහත් භාග්‍යයක් ලෙස දැනේ. එම සංචාරවලදී විශේෂයෙන් නෙදර්ලන්ත ගම්නේදී අපට හමුවූ බොහෝ නෙදර්ලන්ත ජාතිකයන් උන්වහන්සේගේ හමුවීම බෙහෙවින් අගය කළහ.ප්‍රිය උපශාන්ත භික්ෂුවරයෙකු ගේ දැක්මෙන් එතුමන්ට සවන්දීමෙන්, එක්ව භාවනා කරමින් අපමණ සතුටුවුහ.
ඇමෙරිකානු සංචාරයේදී වොෂින්ටන් , නිව්යෝක් ලොස් ඇන්ජලිස් ශ්‍රී ලංකා බෞද්ධ විහාර වලට හා වෙස්ට් වර්ජිනියා භාවනා ආයතනයට වැඩම කළ අතර අතිපුජනිය මහා සඟ මාහිමි වරුන් වූ හෙන්පොල ගුණරතන නා හිමි , කුරුණෑගල පියතිස්ස නාහිමි වල්පොල් පියනන්ද නාහිමි,මහරගම ධම්මසිරි නාහිමි හා කටුගස්තොට උපරතන නාහිමි වරුන් ඉතාම සුහදව හමුවෙමින් ගත කළ කාලය බෙහෙවින් අරථවත්වූ ආධ්‍යාත්මක සංගමයන්ම විය. මේ බොහෝ තැන්වල උන්වහන්සේ ධර්මදේශනා කළහ. මෙම ශ්‍රාවකයන් අතර සිටි ආනන්ද ආදී ශිෂ්‍යයන් ඒ ඒ ප්‍රදේශ වලදී මෙම දේශනා වලට සහභාගී වෙමින් උන්වහන්සේට සෙනෙහසින් ගුරු පුජා කළ ආකාරය කෘතවේදීත්වය පිළිබඳ හොඳ අත්දැකීමක් විය.
අප දකින යසස්සි නායක හාමුදුරුවෝ අතිශයින් නිහතමානිය.ලොකු කුඩා ගිහි පැවිදි සැමටම ප්‍රියශිලිය . කාරුණිකය. හැදෙන වැඩෙන, එකළ අපවැනි බොහෝ තරුණ භික්ෂුන්ට සෙනෙහසින් කළ මග පෙන්වීම් මිළ කළ නොහැකිමය. මොන තරම් රාජකාරි තනතුරු, ආගමික පදවි ගරු සම්මාන මහා ඉහළින් නිරායාසයෙන් තමා කරා පැමිණියද ඒ කිසිවකින් උන්වහන්සේගේ නිර්ව්‍යාජ විශද සබැ ගුණාංග අභිභවනය කළ නොහැකිවිය. උන්වහන්සේ භික්ෂුවක් ලෙස සැමටම ආදර්ශසම්පන්න වුහ. නුවණ ඇත්තන් ගරහන විවේචනයට ලක් කරණ අංශු මාත්‍ර කුඩා ඇවතක් වත් උන්වහන්සේ අතින් සිදු නොවිය.
ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් වරයාණන් ලෙස දසක ගණනාවක් ආගම, සංස්කෘතිය,අධ්‍යාපනය මුල් කර ගනිමින් රට ජාතිය හා දහම වෙනුවෙන් කළ උදාර සේවය අපරිමිතය.
දහස් ගණනක් තරුණ උපාධිධාරී භික්ෂුන්ට ධර්මාචාර්ය වරුන් ලෙස රජයේ පාසල් වලට පත් කිරීමට කටයුතු කිරීම් එකල්හි එක්තරා විදියක නිහඩ විප්ලවයක්ම විය.අවශ්‍ය තැන සාධාරණත්වය වෙනුවෙන් නිර්භීතව නැගී සිටීම, සටන් වැදිමට කිසි විටෙකත් උන් වහන්සේ පසු බට නොවුහ. භික්ෂුනට නීති උපාධිය ලබා ගත නොහැකියයි අදාළ බලවතුන් බරපතළ ලෙස විරුද්ධ වෙද්දී, උන්වහන්සේ ඒ හැම වෙනුවෙන් අභිතව පෙනීසිටියහ. ජයවර්ධන් ජනපති තුමන් සමයේ පිහිටවූ උත්තර සංඝ සභාවේදී උන්වහන්සේ රටේ දෑවෙන ප්‍රශ්නයක් හමුවේ ඉටු කළ කාර්ය භාරය එකළ අපට මහත් ජවයක්ම විය.
පළාතේ ශාසනාරක්ෂක මණ්ඩලය,විහාරාධිපති සංගමය හා විවිධ ජාතික ආගමික සංස්කෘතික අධ්‍යාපනික හා සමාජ සංවිධාන රාශියක විවිධ වගකිවයුතු තනතුරු දරමින් කරණසේවාව බෙහෙවින් අගය කළ යුතුය. බෞද්ධායතන සංවර්ධන සමිතිය, දහම්පාසල හා ආයතනයට සම්බන්ධ සියලු සමිති සමාගම් ආදී ආනන්දීය බෞද්ධ සංගමය හා කොළඹ දිස්ත්‍රික් මල්වතු මහා විහාරයීය සංඝ සභාව උන්වහන්සේට මෙම වැදගත් අවස්ථාවේදී ආශිර්වාද පළ කරවනු පිණිස එක්ව සිටිති.
මිට පෙර තායිවාන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියෙන් පිදුම් ලද අප නාහිමිපාණෝ මෙවර අස්ගිරි මහා විහාරයෙන් මෙම සම්භාවනීය ගෞරව නාමයෙන් උපහාර ලැබීම සැමගේ අමන්දානන්දනයට බලවත් හේතුවකි. උතුම් ගුණ පිරි අප නාහිමිපාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් මෙම ශේෂ්ඨ සේවාවන් පිණිස නිරෝගී බවද චිර ජීවනයද අපි ප්‍රාර්ථනා කරමු.
ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝ නායක, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රි විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය තවලම ධම්මික නාහිමි.