විරේන් අවසන් තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 20 ,(LNW)කොළඹ :

විරේන් බංගලාදේශ අවසන් සටනට

බංගලාදේශයේ ක්‍රියාත්මක YONEX-SUNRISE Bangladesh International Challenge 2024 බැඩිමින්ටන් තරගාවලියේ පිරිමි කේවල අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවේ ජාතික සූර සහ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ විරේන් නෙත්තසිංහ සමත් වෙනවා.ඔහු අතින අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් වුණේ වියට්නාමයේ ජාතික සූරයා මෙන්ම ඔලිම්පික් නියෝජනය කළ ලී ඩුක් පාට් වන අතර ඔහු මේ මොහොතේ ලෝක ශ්‍රේණිගත කිරීමවල 58 වන ස්ථානයේ පසුවන ක්‍රීඩකයායි.ඔහු මෙම තරගාවලිය පාදක කරගෙන කළ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන සිටි ක්‍රීඩකයාද වෙනවා.
විරේන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 58 වන තැන සිටින පාට් පරාජය කරන්නට විනාඩි 47 ක කාලයක් ගත වූ අතර විරේන්ගේ ජයග්‍රහණය පිට පිට වට දෙකකදී ලකුණු 21 – 7 ක් සහ 21 – 12 ක් ලෙස වාර්තාවීම කැපී පෙණුනා.විනාඩි 47 ක් පුරා බැඩ්මින්ටන් පිටිය සීමාව තුළ පිහාටු මල සැරිසරන්නට දෙමින් වැඩි වේලාවක් දරා සිටිමේ හැකියාව සහ සංයමය සහිතව ක්‍රීඩා කළ විරේන් මෙම ජයග්‍රහණය තුළින් පෙන්වන ලද හැකියාව,අනාගතයට ඔහුට පමණක් නොව රටටත් සතුටි විය හැකි අන්දමේ හැකියාවක් බව අපේ විශ්වාසය වන්නේය.
එසේම කාන්තා යුගල අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කළ තවමත් 15 හැවිරිදි ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා තායිලන්තයේ කොඩ්රාපෝන් චායිචානා සහ පනාවි පොලියිම් අතින් ලකුණු 21-8 ක් සහ 21 – 8 ක් ලෙස පරාජයට පත් වුණා.විනාඩි 25 ක කාලයකදී ජයග්‍රහණය තීරණය වූ මේ තරගයෙන් පරාජයට පත් වුණා ඔවුන්ගේ ලාබාල වයස සමඟ ජාත්‍යන්තර තරගාවලියක අවසාන තරගය දක්වා පැමිණීමත් ඉහළින් අගය කළ යුතුයි.
ශ්‍රී ලංකා බැඩිමින්ටන් සභාපති රොහාන් ද සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ විශාල පිරිසකට තම හැකියාව සහ උවමනාව මත ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමට අන්තර්ජාතික මට්ටමේ තරග සඳහා සහභාගි වීමට අවසරය දීම මෙන්ම,ඉතා ඉහළ බලාපොරොත්තු සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග අවස්ථා ලබා ගැනීම සඳහා වැය බර ද දරන තත්ත්වයක් තුළ මේ වන විට ශ්‍රී ලංකාව කළාපය තුළ බැඩිමින්ටන් ක්‍රීඩාවේ විශ්වාසය තහවුරු කරගෙන සිටිනවා.එම විශ්වාසයට හැකියාව එකතු කරන්නට අනාගත වටිනාකම් ඇති කරන්නට සියලු ක්‍රීඩා බලධාරීන් කල්පනාවට ගැනීම අතිශයින් වැදගත් වෙනු ඇත යන්න පමණක් මෙහි සටහන් කර තබනු කැමත්තෙමු

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබත් කාර්‍යබහුල අයෙක් නම් …මේ සරළ ආහාර ක්‍රම ඔබටමයි…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : විනාඩි දහයකට අඩු...

අපිට ඕනේ රජය ප්‍රබල ආයෝජකයෙක් ලෙස ස්ථාවර කරන්න – ලාල්කාන්ත

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජය ප්‍රබල ආයෝජකයෙක් ස්ථාවර කිරීමේ අවශ්‍යතාව...

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...