ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW

ලෝක බැංකුව විසින්, මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රජයේ සේවාවන් නවීකරණයකිරීමත්, එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට සමීපකරවීමත් බවත්, ඒ අනුව මෙය  ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට පිටුවහලක් වනු ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් ලෝක බැංකු සමූහය පවසා සිටී.

ලෝක බැංකු සමූහය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වන්නේ, ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා රජයේ ආයතන හරහා දත්ත බෙදාගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩාකිරීම සඳහා ඩිජිටල් කවුළුවක් සහ ඉල්ලුම වැඩිවන විට පරිමාණය කළ හැකි වේදිකාවක් ඇතුළු කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...

ජපන් – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කළ විසි වසරක මෙහෙවර ඇගයීමට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව...

“IndiGo” නැවතත් ගමනේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඉන්දියාවේ...

සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10කට නොතීසි!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල්...