නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW:
ආසියානු කුසලාන පන්දු ඕවර් 50 අවුරුදු 19 න් පහළ තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගය කඩුලු 8 න් ජය ගන්නට ඉන්දියාවට හැකි වුණා.කාලගුණික බාධාවන් නිසා පන්දු ඕවර් 20 සීමා වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දු වාර 20 නිමා කළේ කඩුලු 8 ට ලකුණු 138 ක් ලබා ගනිමින්.
මෙම තරගයේදීත් තරගාවලිය පුරාම ලකුණු 1තර සිටින චාමික හීනටිගල පන්දු 38 න් ලකුණු 42 ක් ලබා ගන්නට සමත් වුණා.ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වූවා.නායක විනෙත් දින්සර පන්දු 29 දී ලකුණු 32 ක් රැස් කළ අතර සෙත්මික සෙනවිරත්න පන්දු 22 දී ලකුණු 30 ක් ලබමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව ඉහළ නංවන්නට කැප වුණා.
මෙම ලකුණු අතර හතරේ සහ හයේ පහර සමඟ මුසුවන කෙටි ලකුණු ලබා ගැනීම් අඩු වීම සහ නිලකුණු පන්දු සටහන් වීම මෙම තරගයේදීත් දකින්නට ලැබුණා.ඒ නිසා ලකුණු සංඛ්‍යාව 138 ට වඩා වැඩි තැනෙක නවතින්නට තිබුණ ඉඩ වැළකී ගියා.
මේ තත්ත්වය පිතිකරුවන් රැසක් සිටින ඉන්දීය කණ්ඩායමට පහසු ඉලක්කයක් සකසා දුන්නත්,මේ කාලයේ ජාත්‍යන්තර අවධානය ඉහළින්ම දිනා සිටින විභව් සූර්යවංශගේ කඩුල්ල ද ඇතුළුව ලකුණු 25 ක් වෙද්දී ඉන්දීය කඩුලු දෙකක්ම දවා ගන්නට රසිත් නිම්සර සමත් වුණා.ඒ පීඩනය සමඟ කඩුල්ල රැක ගනිමින් තරගය නිමා වන තෙක් කඩුල්ලේ රැදී තරගයේ වීරයෝ වූ ආරෝන් ජෝජ් පන්දු 49 න් නොදැවී ලකුණු 58 ක් සහ විහාන් මල්හෝත්‍රා පන්දු 45 න් ලකුණු 61 ක් ලබා ගනිමින් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දුන්නා.එහෙත් 13 වන පන්දු ඕවරයේ හයවන පන්දු යවන්නෙක් ගැන කල්පනා කළ නායක දින්සර,දුල්නිත් සිගේරාව පන්දු යැවීමට කැඳවීම ලකුණු වේගයේ විශාල වෙනසක් කරන්නට සමත් වුණා.
ඉන්දියාව 12 වන ඕවරය නිමාවේ දී සිටි
යේ කඩුලු 8 ක් අතැතිව තවත් ලකුණු 52 ක් ඇවැසිවයි.පන්දු 48 දී ලකුණු 52 ක් යනු ඉතා දුෂ්කර කාර්යයක් නොවුණත් සිගේරාගේ පන්දු ඕවරයට ලකුණු 19 ක් රැස් කිරීමෙන් පසුව පන්දු 42 දී ලකුණු 33 ක් ලබා ගත යුතු වීම වඩාත් පහසු ඉලක්කයක් බව පෙරළුණා.මේ නිසා 18 වන ඕවරය නිමා කරමින් සෙත්මික සෙනවිරත්න යවන ලද පන්දුවට ඇරෝන් ජෝජ් එල්ල කළ හතරේ පහරින් ඉන්දිය ලකුණු පූවරුව කඩුලු 2 ට 139 ක් බවට පත් වුණා.
ලකුණු පූවරුවට මෙතනින් පිවිසෙන්න. https://bit.ly/3LcSWkf
